ඉරානය සමඟ පවත්වනු ලබන තීරණාත්මක සාම සාකච්ඡා සඳහා සහභාගී වන ඉහළ පෙළේ අමෙරිකානු නිලධාරීන් පිරිස රැගත් රජයේ ගුවන් යානය අද (සෙනසුරාදා) පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර වෙත ළඟා වී තිබේ. සති හයක් පුරා මැදපෙරදිග කලාපය පුරා දහස් ගණනකගේ ජීවිත බිලිගනිමින් පැවති ඉරාන යුද්ධය අවසන් කිරීමේ අරමුණින් වොෂින්ටනය සහ ටෙහෙරානය මෙම සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. මෙම යුද්ධය හේතුවෙන් ලෝක බලශක්ති සැපයුමට බාධා එල්ල වී ඇති අතර, එය ගෝලීය උද්ධමනය ඉහළ යාමට සහ ලෝක ආර්ථිකය මන්දගාමී වීමට ද ප්‍රධාන වශයෙන් බලපා ඇත.














