අපරාධකරුවෙකු වූ ජෙෆ්රි එප්ස්ටයින්ගේ (Jeffrey Epstein) විමර්ශනයට අදාළ ලිපිගොනු සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා අමෙරිකානු නීතිපතිනි පැම් බොන්ඩි (Pam Bondi) වෙත සිතාසි නිකුත් කිරීමට අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අධීක්ෂණ කමිටුව තීරණය කර තිබේ. අධිකරණ දෙපාර්තමේන්තුව මෙම සංවේදී ලිපිගොනු හසුරුවන ආකාරය පිළිබඳව ප්‍රශ්න කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
පසුගිය බදාදා පැවති ඡන්ද විමසීමේදී රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් පස් දෙනෙකු ද විපක්ෂය සමඟ එක්ව මෙම සිතාසියට පක්ෂව ඡන්දය ලබාදීම විශේෂත්වයකි. ඒ අනුව 24-19ක් ලෙස මෙම යෝජනාව සම්මත විය. දීර්ඝ කාලයක සිට දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති එප්ස්ටයින් සිද්ධියට අදාළ රහස්‍ය තොරතුරු නීතිපතිවරිය විසින් හෙළි කළ යුතු බවට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතී.















