ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක් (සැලෝන් එකක්) තුළදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් සිව්දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවෙකු සහ සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබේ. වෙඩික්කරුට පලායාම සඳහා තිරිරෝද රථය පැදවූ පුද්ගලයා සහ එම අපරාධයට සහාය දුන් කාන්තාව මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර වෙති. ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) ද පොලිසිය විසින් සොයාගෙන ඇත.














