ශ්‍රී ලංකාවේ BYD වාහන සඳහා බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG Auto) සමාගම, BYD ATTO 1 මාදිලියේ රථ 835ක් මෙරටට ගෙන්වීමට පියවර ගෙන තිබේ. මෙය එම වාහන මාදිලිය මෙරටට හඳුන්වා දීමෙන් පසු ගෙන්වන ලද විශාලතම තනි වාහන තොගය ලෙස වාර්තා වන අතර පාරිභෝගික ඇණවුම් සඳහා වාහන කඩිනමින් ලබා දීම මෙහි අරමුණයි. 2025 නොවැම්බර් මෝටර් රථ ප්‍රදර්ශනයේදී නිල වශයෙන් දියත් කළ දින සිට BYD ATTO 1 රථය මෙරට පාරිභෝගිකයන් අතර දැඩි උනන්දුවක් ඇති කිරීමට සමත් විය.
සහනදායී මිලකට ලබාගත හැකි පූර්ණ විද්‍යුත් (Fully Electric) ‘හච්බැක්’ රථයක් ලෙස හඳුන්වා දී ඇති මෙම වාහනය BYD සමාගමේ සුප්‍රකට ‘Blade Battery’ තාක්ෂණයෙන් සමන්විත වේ. එක් වරක් ආරෝපණය කිරීමෙන් කිලෝමීටර් 300ක දුරක් ධාවනය කළ හැකි මෙය තරු 5ක ANCAP ආරක්ෂිත ශ්‍රේණිගත කිරීමකින් ද යුක්තය. John Keells CG Auto ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න මහතා සඳහන් කරන්නේ ගුණාත්මක නිෂ්පාදනයක් නිවැරදි මිලකට ඉදිරිපත් කළහොත් ශ්‍රී ලාංකිකයන් නව බලශක්ති වාහන (NEVs) වැළඳ ගැනීමට සූදානම් බව මෙම ඉහළ ප්‍රතිචාරයෙන් මනාව පැහැදිලි වන බවයි.














