• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

JN.1 නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධව පසුවිපරමින් සිටිනවා – ඇමැති වෛද්‍ය රමේෂ්

3 January 2024
in දේශීය, පුවත්
JN.1 නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධව පසුවිපරමින් සිටිනවා – ඇමැති වෛද්‍ය රමේෂ්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉන්දියාවෙන් වාර්තා වන JN.1 නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය පසුවිපරමින් සිටින බවත්, ඒ අනුව මෙතෙක් සිදුකළ නියැඳි පරීක්ෂණවලින් කිසිදු රෝගියෙක් වාර්තා වී නොමැති බවත් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එසේ වුව ද පසුගිය කොවිඩ් සමයේ අනුගමනය කළ නිසි සෞඛ්‍ය පිළිවෙත් යළි අනුගමනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මීට අමතරව රට පුරා නැවත පැතිර යමින් තිබෙන සරම්ප රෝගය පාලනය කිරීමට අවශ්‍ය ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ වැඩසටහන ලබන සතියේ සිට දිවයිනේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හරහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවද රමේෂ් පතිරණ මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රමේෂ් පතිරණ මහතා “මෙරට ජනතාවට අවශ්‍ය ගුණාත්මකභාවයෙන් සහ උසස් ප්‍රමිතියෙන් යුත් ඖෂධ ලබාදීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. කොවිඩ් අර්බුදයෙන් පසුව ඇති වූ රටේ ආර්ථික කඩාවැටීම හමුවේ යම් යම් ඖෂධවල හිඟයක් මතුව තිබුණා. මේ වන විට රටේ මූල්‍ය තත්ත්වය ක්‍රමානුකූලව යහපත් වෙමින් පවතින නිසා අත්‍යවශ්‍ය ඖෂධ ලබා ගැනීම වෙනුවෙන් වූ රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වේගවත් කර තිබෙනවා. රෝහල්වලට අවශ්‍ය ඖෂධ ලබා ගැනීමේ ක්‍රියාවලිය විනිවිදභාවයකින් සිදු කිරීමේ අරමුණින් එම ප්‍රසම්පාදන කටයුතු ඩිජිටල්කරණයට ලක් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරමින් තිබෙන අතර ඒ සඳහා කොළඹ සහ මොරටුව විශ්වවිද්‍යාලයන්හි පරිගණක අංශවල සහය ලබා ගැනීම සිදු වෙනවා. මේ අනුව ඉදිරියේදී අදාළ ප්‍රසම්පාදන කටයුතු ඩිජිටල්කරණය තුළින් සිදුකිරීමට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා. ඒ වගේම ඖෂධ නියාමන අධිකාරියේ තත්ත්ව පර්යේෂණාගාරය වැඩිදියුණු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙවර අයවැය තුළින් වෙන් කර දී තිබෙනවා. එහි ධාරිතාව, මානව සම්පත මෙන්ම ව්‍යාහුහාත්මක වෙනස්කම් සිදුකිරීමට මේ වසරේ හැකියාව ලැබෙනු ඇතියි. එසේම ‌අපේ රටට අවශ්‍ය ඖෂධ වර්ග 850ක ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙනවා. එම ඖෂධ අතරින් ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමට අත්‍යාවශ්‍ය ඖෂධ සියල්ලම අප සතුව පවතිනවා. අක්ෂි කාච, හෘද රෝගීන්ට අවශ්‍ය සැත්කම් උපකරණ (ස්ටෙන්ස්), විකලාංග ශල්‍යකර්ම උපකරණ ඇතුළු අනිකුත් උපකරණ සම්බන්ධවත් අප එහිදී වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. පසුගිය වසරේ ඩෙංගු රෝගයෙන් මරණ 50ක් පමණ වාර්තා වී තිබෙනවා. එය ඉතා කණගාටුදායක තත්ත්වයක්. ඩෙංගු රෝගය පාලනය කිරීම රජයට තනිවම කරන්න බැහැ. සමස්ත සමාජයේම සහාය ඒ සඳහා හිමිවිය යුතුයි. ඒ වගේම ආරක්ෂක අංශ සාමාජිකයන් සම්බන්ධ කර ගනිමින් පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා. හැකි සෑම අවස්ථාවකම තම අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම තුළින් ඩෙංගු රෝගය පාලනය කළ හැකියි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් ලෙස හඳුනාගෙන තිබෙනවා. නමුත් පසුගිය වසරේ සරම්ප රෝගීන් 700ක් පමණ වාර්තා වීම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඒ අනුව ජනවාරි මස දෙවැනි සතියේ සිට දිවයින පුරා සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හරහා එම ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. සරම්ප රෝගයෙන් වැළකීමට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය ඇති කරන එම එන්නත තම දරුවන්ට ලබාදීමට පියවර ගන්නා ලෙස මම සියලු දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා. මීට අමතරව ඉන්දියාවෙන් වාර්තා වන JN.1 නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙනුත් මේ දිනවල සමාජයේ කතාබහක් ඇති වෙමින් තිබෙනවා. දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරන ආකාරයට මේ සම්බන්ධව කිසිවෙකු අනිසි බියක් ඇති කරගත යුතු නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය අඛණ්ඩව මේ පිළිබඳව පසු විපරමින් සිටිනවා. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සහාය ඇතිව මේ සම්බන්ධව දීර්ඝ නියැඳි පරීක්ෂාවන් සිදුකිරීමටත් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මෙතෙක් සිදුකළ පරීක්ෂණවලින් ඉන්දියාවෙන් වාර්තා වූ නව කොවිඩ් ප්‍රභේදය සහිත රෝගීන් වාර්තා වී නැහැ. නමුත් පසුගිය කොවිඩ් සමයේ අනුගමනය කළ සෞඛ්‍ය පිළිවෙත් නැවත අනුගමනය කරන ලෙස මහජනතාවගෙන් අප ඉල්ලා සිටිනවා යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 27
Previous Post

මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේනට තඹුත්තේගමදී ජනතා විරෝධයක්

Next Post

ජාතික සම්මානයට පාත්‍ර වෙමින් සදාහරිත සමාගම SLIM NASCO සම්මාන රාත්‍රිය වර්ණවත් කරයි

editor ttvnews

editor ttvnews

Next Post
ජාතික සම්මානයට පාත්‍ර වෙමින් සදාහරිත සමාගම SLIM NASCO සම්මාන රාත්‍රිය වර්ණවත් කරයි

ජාතික සම්මානයට පාත්‍ර වෙමින් සදාහරිත සමාගම SLIM NASCO සම්මාන රාත්‍රිය වර්ණවත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

5 June 2025
අද වහින්නේ මෙහෙමයි

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

5 June 2025
ආයෙත් මාස්ක් දාන්න ඕනෙමද ?

ආයෙත් මාස්ක් දාන්න ඕනෙමද ?

5 June 2025
කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025

Recent News

රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

5 June 2025
අද වහින්නේ මෙහෙමයි

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

5 June 2025
ආයෙත් මාස්ක් දාන්න ඕනෙමද ?

ආයෙත් මාස්ක් දාන්න ඕනෙමද ?

5 June 2025
කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

5 June 2025
අද වහින්නේ මෙහෙමයි

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

5 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved