ජොහැනස්බර්ග් සිට උම්ලංගා (Umhlanga) බලා තම විවාහ ගිවිස ගැනීම සැමරීම සඳහා ගමන් කරමින් සිටි 40 හැවිරිදි වියේ පසුවන දෙදරු මවක, අද (01) පෙරවරුවේ N3 අධිවේගී මාර්ගයේ කේටෝ රිජ් (Cato Ridge) සේවා පියස අසලදී හදිසියේම මියගොස් තිබේ. විවාහ ගිවිසගෙන සති දෙකක් වැනි කෙටි කාලයකින් පසු ඇය මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
පෙරවරු 7:00ට පමණ හදිසි ගිලන් රථ සේවාවක් එම ස්ථානයේ නතර කර සිටි අවස්ථාවකදී, මෝටර් රථයක සිටි කාන්තාවක සිහිසුන්ව සිටින බවට මගියෙකු කළ දැනුම් දීමකට අනුව වහාම වෛද්ය ආධාර ලබා දී තිබේ. ඇය පසුගිය සති දෙකක කාලය පුරාම පපුවේ වේදනාවකින් පෙළුණු බව ඇයගේ පෙම්වතා පසුව හෙළි කර ඇත.
ගිලන් රථ සේවකයින් සහ විශේෂඥ වෛද්ය කණ්ඩායම් එක්ව විනාඩි 90ක පමණ කාලයක් ඇයගේ හද ගැස්ම යථා තත්ත්වයට පත් කිරීමට (CPR) දැඩි උත්සාහයක නිරත වුවද, එම උත්සාහයන් සියල්ල අසාර්ථක විය. අවසානයේදී ඇය එම ස්ථානයේදීම මියගිය බව ප්රකාශ කෙරුණු අතර, පීටර්මාරිට්ස්බර්ග් (Pietermaritzburg) ප්රදේශයේ පෞද්ගලික ගිලන් රථ සේවාව පවුලේ ඥාතීන් වෙත සිය ශෝකය පළ කර තිබේ.














