හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය අද (13) නියෝග කළේය. ඒ අනුව ලබන 20 වැනිදා දක්වා ඔවුන් බන්ධනාගාර භාරයේ පසුවනු ඇත.
මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ ලංකා සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) මගින් පවත්වනු ලබන පරීක්ෂණවලට අදාළවය. මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණු පිරිස අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අමතරව ඔහුගේ වැඩිමහල් පුත් ජොහාන් ප්‍රනාන්දු, බාල පුත් ජෙරම් ප්‍රනාන්දු සහ සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමනාකාරවරයෙකු ද සිටිති.














