• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බල්ලො මරා හෝ සල්ලි හොයන්න ජොන්ස්ටන්ලාට දේශපාලන පිටියේ ඉඩ හැදුනා -ජානිපෙ නායක විමල් 

20 March 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

තරුණ පරපුර ඉල්ලා සිටින ආදර්ශ වපුරන දේශපාලනය යළි මේ පොළොවේ පැළ කිරීමට නිදහස් ජනතා සන්ධානය සූදානම් බවත් 1977ට පෙර එවැනි දේශපාලනයක් මේ පොළොවේ තිබුණු බවත් එය විවෘත ආර්ථිකය හඳුන්වා දුන් පසු ගොඩනැගුණු “බල්ලො මරා හෝ සල්ලි සෙවීමේ සංස්කෘතිය” හේතුවෙන් අභාවයට ගිය බවත් පෙන්වා දුන් උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඒ අනුව කුරුණෑගලට අදාළ නිදසුනක් ලෙස මුදල් අමාත්‍ය ධුරය දරද්දී විදේශ සමුළුවකදී තමුන්ට පරිත්‍යාගයක් ලෙස ලැබුණු මෝටර් රථය පවා රජයට ලබාදුන්, ආදර්ශ වපුරන දේශපාලනයක නිරතව සිටි “යූ. බී. වන්නිනායකලා” වෙනුවට ව්‍යාපාරික ජාල නියෝජනය කරන “ජොන්ස්ටන් ප්‍රනාන්දුලාට” දේශපාලන පිටියේ ඉඩ හැදුණු බව හෙතෙම පැවසිය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ(19) පොල්ගහවෙල නගර ශාලාවේදී පැවති නිදහස් ජනතා සන්ධානයේ “ඇතුගල්පුර ක්‍රියාකාරී හමුවට” සහභාගි වීමෙනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා “”අද රට තිබෙන්නේ මෑත ඉතිහාසයේ හටගත් දරුණුතම අර්බුදයට මුහුණපාලයි. ඒ නිසයි ඒ අර්බුදය පාවිච්චි කරලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ ‘ඡන්ද තියන්න සල්ලි නැහැ’ කියා. නිදහසින් පසු ඡන්ද කල් දැමීම් සිදුව තිබෙනවා. නමුත් ‘සල්ලි නැහැ’ කියා ඡන්ද කල් දමා නැහැ. එක අවස්ථාවක ජනමතවිචාරණයක් තියලා අදාළ ඡන්දය නොතියා හිටියා. ඒ කාලය පිළිබඳව මෙතැන ඉන්න වැඩිහිටි පිරිසට මතක ඇති. ඒ කාලයේ ජනාධිපති ධුරය දැරුවේ ජේ. ආර්. ජයවර්ධන මහත්තයා. එයාගේ කාලයේ උස්සන්නේ ඡන්ද පෙට්ටි. උන්නැහේගේ බෑණා රනිල් වික්‍රමසිංහගේ කාලයේ උස්සන්නේ ඡන්දේ. පළාත් සභා ඡන්දය, ඡන්දය පිටින්ම උස්සලා. දැන් පළාත් සභා ඡන්දය අතුරුදන් වෙලා. ඒ වගේම පළාත් පාලන ඡන්දයත් ‘සල්ලි නැහැ’ කියා නියමිත කාලයේ තියන්නේ නැහැ. ඒකත් දැන් අතුරුදහන් කරනවා. මම දැක්කා රාජ්‍ය අමාත්‍යවරයකු පවසා තිබෙනවා, ‘පළාත් පාලන ඡන්දයක් එන්නේ නැහැ. එන්නේ ජනාධිපතිවරණයක්’ කියා.

විධායක බලය – පළාත් සභා බලතල – පළාත් පාලන ආයතනවල බලය එක අතකට…

ජනතා ඡන්දයෙන් ප්‍රතික්ෂේප වූ රනිල් වික්‍රමසිංහ මහත්තයා, එජාප ජාතික ලැයිස්තුවෙන් නම් කළත් අවුරුද්දක් විතර පාර්ලිමේන්තුවට එන්නේ නැතිව මගහැරලා සිටියා. මගේ නම් මැනීම තමයි අර්බුදය උත්සන්න වන කාල වකවානුව ගැන රනිල් වික්‍රමසිංහ මහත්තයාට පූර්ව අවබෝධයක් තිබුණු බව. ආර්ථික අර්බුදය උත්සන්න වෙන්න ආසන්නයේ තමයි ගණන් හදලා බලලා ඔහු පාර්ලිමේන්තුවට රිංගුවේ. රිංගලා ඔලුව කහමින් හිටියා. ගාලුමුවදොර මහජන කැරැල්ල හමුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පුටුව දාලා යන්න කලින්ම මෙයා අගමැති පුටුවේ වාඩි වුණා. දාලා ගියාට පසුව ජනාධිපති පුටුවේම වාඩි වුණා. දැන් පළාත් සභා විසුරුවලා, පළාත් සභා බලතල තිබෙන්නෙත් ජනාධිපති අතේ. අද රෑ පළාත් පාලන ආයතනත් විසිරෙනවා, ඒ බලතල යන්නේත් ජනාධිපති අතට. මේ රටේ විධායක බලතල තිබෙන ජනාධිපතිවරු හිටියාට, ඒ සමගම පළාත් සභාවල බලතලත් පළාත් පාලන ආයතනවල බලයත් එක අතකට හිමි වුණු ජනාධිපතිවරුන් මීට කලින් ඉඳලා නැහැ. මෙයා තමයි ‘වන් ඇන්ඩ් ඔන්ලි’. ඒ නිසා මේ නිර්මාණය කෙරෙන්නේ සුළුපටු ඒකාධිපතිත්වයක් නොවෙයි. ආර්ථික අර්බුදය පාවිච්චි කරලා මේ සූදානම් වන්නේ ඒකාධිපති බලය යොදාගෙන අපේ රටේ ආර්ථිකයේ ඉතිරි වෙලා තියෙන පණ ඩිංගත් නැති කරන්න.

‘ස්මාර්ට් පොලිටීෂියන්ස්ලා’

දැන් අපේ තරුණ පරම්පරාව කියනවා, ‘ස්මාර්ට් පොලිටීෂියන්ස්ලා ඕනේ’ කියලා. මේ වැඩිහිටියන් ඒ තරුණ දරුවන්ට කියා දිය යුතුයි මේ රටේ ‘ස්මාර්ට් පොලිටීෂියන්ස්ලා’ හිටපු බව. කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වගේම හිටපු මුදල් අමාත්‍යවරයකු ද වන යූ. බී. වන්නිනායක මැතිතුමා එහෙම ‘ස්මාර්ට් පොලිටීෂියන්’ කෙනෙක්. එතුමාට ජාත්‍යන්තර සමුළුවකට ගියාම ත්‍යාගයක් ලෙස කාර් එකක් ලැබුණා. ඔහු ලංකාවට ආවාම අමාත්‍යාංශ ලේකම් කියනවා ‘සර් මේ කාර් එක ගෙනියන්න’ කියා. වන්නිනායක මැතිතුමා කියනවා ‘මේක මට නොවෙයි ලැබුණේ රජයට’ කියා. එවිට අමාත්‍යාංශ ලේකම් යළිත් කියනවා ‘මේක සර්ගෙ නමට ලැබුණු එකක්. ගෙදර රැගෙන යන්න’ කියා. “කුරුණෑගල වන්නිනායකට නොවෙයිනේ මේක ලැබුණේ. රජයේ ඇමති කෙනෙකු වන වන්නිනායකටයි මේක ලැබුණේ. ඉතින් මේක අයිති ශ්‍රී ලංකා රජයටයි’ කියා. එවැනි ආදර්ශය වපුරපු දේශපාලන නායකයෝ මේ රටේ හිටියා. මම තවත් නිදසුනක් කියන්නම්. මහියංගනයේ පැත්තේ හිටපු දේශපාලනඥයකු හමුවීමට ඔහුගේ ප්‍රබල ආධාරකරුවකු ඇවිත් කිව්වා, ‘අනේ සර් මගේ පුතා පොලිසියෙන් ගෙනිච්චා. බේරලා දෙන්න’ කියා. චෝදනාව ගංජා ළඟ තබා ගැනීම වගේ අපරාධ චෝදනාවක්ලු. මේක අහපු ඒ මන්ත්‍රීවරයා ගෙදර ඇතුළට ගිහින් සරම ගලවලා නිරුවතින් ආවාලු, ‘හරි දැන් අපි යමු’ කියාගෙන. ආධාරකාරයා අහනවාලු ‘ඇයි සර් ඔය?’ කියලා. මන්ත්‍රීතුමා කිව්වාලු ‘ඕක කතා කරන්න මට රෙද්දක් ඇඳන් පොලිසියට යන්න පුළුවන්ද?’ කියලා. ඔහු එතැනදී පෙන්වූයේ ‘නීතියට ඇඟිලි ගහන්න බැහැ’ කියන එකයි. මේ විදියේ ඕනෑ තරම් උදාහරණ තිබෙනවා මේ රටේ දේශපාලන කරළිය සුවඳවත් කරපු. නව තරුණ පරපුර ඉල්ලා සිටින ඔය ආදර්ශ වපුරන දේශපාලනය මේ පොළොවේ තිබුණා. ඒක නැතිභංගස්ථාන වෙන්නේ 1977 විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නාට පස්සේ; බල්ලො මරලා හෝ සල්ලි හොයන සංස්කෘතිය ආවට පස්සෙ; එක් එක් ජාවාරම්කාරයෝ දේශපාලන පිටියට බැස්සාට පස්සේ.

“ජොනීලා” වැනි ව්‍යාපාරික ජාලවලට ඉඩක්

දැන් බලන්න, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට සිදු වුණු දෙය. එතුමාව කොළඹදී බැසිල් සන්තකයේ තියාගත්තා. කුරුණෑගලදී ජොනී සන්තකයේ තියාගත්තා. කොළඹදී එතුමාට යමක් කිව්වොත් ‘ආ ඒක බැසිල්ට කියන්න’ කියනවා. කුරුණෑගලදී යමක් කිව්වොත් ‘ ආ ඒක ජොනීට කියන්න’ කියනවා. බල්ලො මරලා හෝ සල්ලි හොයන සංස්කෘතිය ආවාට පස්සෙ මේ රටේ දේශපාලන පිටියේ ඉඩ හම්බ වුණේ ජොනීලා වැනි ව්‍යාපාරික ජාලවලටයි; යූ. බී. වන්නිනායක වැනි ආදර්ශ වපුරපු දේශපාලනඥයන්ට නොවෙයි. ඒ නිසයි අපි මේ ක්‍රමය වෙනස් කරලා නැවත ආදර්ශ වපුරවන දේශපාලනය මේ පොළොවට රැගෙන ආ යුතුයි, කියා කියන්නේ. ඒක කරන්න පුළුවන් දෙයක්. ඒක කරන්න පුළුවන් නායකයන් තමයි නිදහස් ජනතා සන්ධානයේ මුල් පුටුවල ඉන්නේ.

ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව

1977 ඉඳන් ආපු ගමනේ ප්‍රතිඵල අද අපට ලැබී තිබෙනවා. ‘ණයට අරන් – සැපට කාලා – ජොලියෙ ඉඳලා – අනාගත පරපුර අද බිල්ලට දී තිබෙනවා. දැන් වික්‍රමසිංහ මහත්තයා ආයෙත් කරන්න හදන්නේ ඒකමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් වාරික හතරකට ඩොලර් බිලියන 2.9ක ණයක් ගන්නවා. ඒක ලැබුණාම, ආපසු ණය ලබා ගැනීමට බැරි ණයකරුවකුගේ තත්වයේ සිට, ආපසු ණය ලබා ගැනීමට සුදුසුකම් ඇති ණයකරුවකුගේ තත්ත්වයට ශ්‍රී ලංකාව පත්වෙනවා. එතැන් සිට අපට ආපසු ණය අරන්, සැපට කාලා, හොම්බෙන් යනකන් ජොලියේ ඉන්න, ඉඩකඩ ලැබෙනවා. රනිල් වික්‍රමසිංහලා මේ අර්බුදය හරියට කියවාගෙනවත් නැහැ. 2015 – 2019 දක්වා වූ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ යහපාලන ආණ්ඩු කාලයේ තමයි මේ ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව හැදුවේ. මේ අවුරුදු හතරහමාර තුළ ඩොලර් බිලියන 12.5ක් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හරහා ණයට ගත්තා. ඒ ණයට අදාළ පොලිය හා වාරිකය ආවාම අපි ණය ගෙවා ගත නොහැකි තත්ත්වයට වැටෙනවා. මේ ආර්ථික අර්බුදය නැමැති ‘වලට’ වැටීමට එය මුල් වුණා.

කොරියා, ඉතියෝපියා, රුවන්ඩා ආදර්ශ

අපි ආයෙත් ණය ලබා ගැනීමට සුදුසුකම් සපුරා ගෙන, දිගින් දිගටම ණය ගැනීම ද මේ රට බලාපොරොත්තු වන උත්තරය? අද පොහොට්ටු නායකයොත් රූපවාහිනී නාලිකාවලට ඇවිත් මේ උත්තරය වර්ණ ගන්වනවා. ඒක වැරදි උත්තරයක්. රට ඉල්ලන උත්තරය ඒක නොවෙයි. මේ දෙන්න යන්නේ ‘ලෙඩා මළත් බඩ සුද්ධයි’ ජාතියේ උත්තරයක්. එදා පැල්පත් වැඩි ප්‍රදේශයක් දැක්කාම ඒකට කිව්වේ ‘කොරියාව’ කියලා. අද ඒ කොරියාව ඉතා දියුණු රාජ්‍යයක්. කන්න බොන්න නැති මිනිස්සු ඉන්න ගමකට ‘ඉතියෝපියාව’ වගේ කිව්වා. නමුත් අද ඉතියෝපියාව කියන්නේ ‘බුලට් ට්‍රේන්’ පවා පොදු ප්‍රවාහන පහසුකම් පද්ධතියට එකතු කරපු රටක්. රුවන්ඩාව කියන්නේ ‘ටුට්සි – හුටු’ ගෝත්‍රික ගැටුම් හේතුවෙන් ටුට්සි ජන කොටස ජන සංහාරයකට ලක් වූ රටක්. අද නව නායකත්වයක් යටතේ ඒ රට දියුණුවෙන් දියුණුවට යනවා. රටක් ඉහළට ඔසවා තැබීමට අවශ්‍ය වන්නේ නිවැරැදි නායකත්වයයි. මේ රටේ ප්‍රභූ දේශපාලනයට ඕනෙ වුණේ නැහැ, සාමාන්‍ය ජනතාවගේ ජීවිත ඉහළට ඔසවා තබන්න. නමුත් නිර්ප්‍රභූ දේශපාලන නායකත්වයකට, මේ රටේ සාමාන්‍ය අම්මා, තාත්තාගේ දූදරුවන්ගේ දේශපාලන නායකත්වයකට පුළුවන් කොරියාව, ඉතියෝපියාව, රුවන්ඩාව වගේ මේ රටත් නැගිට්ටවන්න.

වෛරය වපුරන දේශපාලනය එපා!

සමහරක් හිතන් ඉන්නවා තමන්ට මේ රට ගොඩනගන්න පුළුවන් කියලා. එහෙම හිතන් ඉන්න සජිත් ප්‍රේමදාස මහත්තයා වේදිකාවේ කියන දේවල් අපට තියා එයාටවත් නොතේරෙන හින්දා එයාට මේ රට ගොඩනගන්න බැහැ කියලා, පැහැදිලියි. ජාතික ජන බලවේගයත් කියනවා, ‘අපට මේක දුන්නොත් අපි හදනවා’ කියලා. එයාලා රට හදනවා කීවාට ඡන්දෙට දාලා තිබෙන ලැයිස්තුවල වැඩිහරියක් ඉන්නෙ විවිධ දූෂණ, හොරකම්වලට අහු වුණු අය. බලන්න, චීනෙන් ගෙනාපු පොහොර නැවට ජවිපෙ නායකයා කිව්වේ ‘අසූචි නැව’ කියලයි. නමුත් ඒ නැව ලංකාවට ගෙන්වපු නියෝජිතයා එයාලගේ පැත්තෙන් ඡන්දෙ ඉල්ලනවා. අද මේ රටට අවශ්‍ය වෛරය වපුරන දේශපාලනය නොවෙයි, ආදර්ශ වපුරන දේශපාලනය. නිදහස් ජනතා සන්ධානය දිරි ගන්වන්නේ ඒ දේශපාලනය. නායකත්ව මගපෙන්වීම හරියට තිබුණොත් මේ රට අවුරුදු පහකින් නැගිට්ටවන්න පුළුවන්. ඒ නිසි නායකත්ව මගපෙන්වීම ලබා දීමටයි නිදහස් ජනතා සන්ධානය බිහි වුණේ.

නාමල් රාජපක්ෂ පැඟිරාට…

පවුලෙන් පවුලට බලය මාරු වුණු වරිග සභා දේශපාලනය අද වන විට අවසන් වී තිබෙනවා. ඒ නිසා අපි නාමල් රාජපක්ෂ පැඟිරාට කියනවා, ‘වෙන රස්සාවක් හොයාගන්න’ කියලා. ඒ පැඟිරාට බැටන් එක මාරු වන දේශපාලනය ඉවරෙටම ඉවරයි. මේ එන්නේ අලුත් යුගයක්. ඒ තමයි සාමාන්‍ය මිනිස්සු අතට රටේ ඉරණම තීරණය කිරීමේ බලය ලැබීමේ යුගය. ‘ඒ යුගය ආදරෙන් පිළිගන්න අපත් සමඟ පෙරට එන්න’ කියන ඉල්ලීම ඔබ සැමගෙන් සිදු කරනවා” යැයි විමල් වීරවංශ මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට නිදහස් ජනතා සන්ධානයේ ප්‍රධාන ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, විධායක කමිටු සාමාජිකයෝ වන නිදහස ජනතා සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, ජනජය පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න, නිදහස ජනතා සභාවේ කැඳවුම්කරු, පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ජී. එල්. පීරිස්, උත්තර ලංකා සභාගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, නිදහස ජනතා සභාවේ විධායක කමිටු සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා, නිදහස ජනතා සභාවේ විධායක කමිටු සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයෝ පිරිසක් ද සහභාගී වූහ.

 

Post Views: 11
Previous Post

සෞඛ්‍ය ඇමති හා නෙදර්ලන්ත තානාපතිනි අතර හමුවක්

Next Post

ශ්‍රී ලංකාවට IMF විස්තීර්ණ ණය පහසුකමට අනුමැතිය හිමිවෙයි

editor

editor

Next Post

ශ්‍රී ලංකාවට IMF විස්තීර්ණ ණය පහසුකමට අනුමැතිය හිමිවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved