ප්‍රකට රියැලිටි රූපවාහිනී තරුවක වන ජෝසප් ඩගර් (Joseph Duggar) කුඩා දරුවෙකුට ලිංගික අපයෝජනය සිදුකිරීමේ බරපතල චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ. නීති විශාරදයන් පෙන්වා දෙන්නේ මෙම චෝදනා ඔප්පු වුවහොත් ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳීමට සිදුවනු ඇති බවයි.
මෙම පුවතත් සමඟ ඩගර් පවුලේ සාමාජිකයන් දැඩි කම්පනයට සහ කෝපයට පත්ව සිටින අතර ඔහුගේ සොහොයුරු ජේසන් ඩගර් (Jason Duggar) සහ බිරිඳ මැඩී (Maddie) ඊයේ (2026 මාර්තු 26) නිල ප්‍රකාශයක් නිකුත් කරමින් සිය පිළිකුල පළ කර තිබුණි. තමන්ගේම සහෝදරයා ගැන මෙවැනි පුවතක් ඇසීම අතිශය කණගාටුදායක වුවද, කිසිදු ආරක්ෂාවක් නොමැති අසරණ දරුවෙකුගේ ජීවිතය මෙලෙස විනාශ කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි සාහසික ක්‍රියාවක් බව ඔවුහු පවසා සිටිති. අධිකරණය මගින් මෙයට නිසි යුක්තිය ඉටුවනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.














