ත්‍රිකුණාමලයේ බුදුපිළිමයක් ස්ථාපනය කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින් දින 29ක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි බලංගොඩ කස්සප හිමියන්, බන්ධනාගාර නිලධාරියෙකුට එරෙහිව එල්ල කළ චෝදනා විමර්ශනය කිරීමට අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර මහතා තීරණය කර ඇත. මේ පිළිබඳව සොයා බැලීම සඳහා අද හෙටම තමා ත්‍රිකුණාමලය බලා පිටත්ව යන බව ඇමැතිවරයා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පවසා තිබේ.
ඇප මත මුදා හැරීමෙන් පසු කස්සප හිමියන් විසින් බන්ධනාගාර නිලධාරීන්ගේ හැසිරීම සම්බන්ධයෙන් බරපතල චෝදනා රැසක් එල්ල කර තිබුණි. ඒ අනුව අදාළ නිලධාරියාගෙන් කරුණු විමසීමටත්, සිද්ධිය සම්බන්ධයෙන් සෘජුවම කරුණු සොයා බැලීමටත් අධිකරණ අමාත්‍යවරයා පියවර ගෙන ඇත. බන්ධනාගාර පද්ධතිය තුළ රැඳවියන්ගේ අයිතිවාසිකම් සහ නිලධාරීන්ගේ විනය සම්බන්ධයෙන් රජය දැඩි අවධානයෙන් පසුවන බව මෙමගින් පෙනී යයි.














