• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රට බංකොලොත්භාවයට ජවිපේ වගකිවයුතුයි – මන්ත්‍රී වජිර

18 February 2024
in දේශීය, පුවත්
රට බංකොලොත්භාවයට ජවිපේ වගකිවයුතුයි – මන්ත්‍රී වජිර
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

මේ රට බංකොලොත් භාවයට පත් කළාට ජනතා විමුක්ති පෙරමුණ අංක 01 ට වගකිව යුතු බව මතක තබා ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (17) දින පොළොන්නරු බුද්ධි මණ්ඩපයේ දී පැවැති එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් සම්මේලනය අමතමිනි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙසේ අදහස් පල කලේය ” විශේෂයෙන් පොළොන්නරුවේ ගොවිජනතාවත්, පෞද්ගලික අංශයේ වැඩකරන ජනතාවත් විශාල වශයෙන් තම දහඩිය මහන්සියෙන් උපයන මුදල් වලින් තමයි රාජ්‍ය අංශයේ සියළු දෙනාගේ වැටුප් ගෙවන්නේ. ඒ අය හම්බකරලා බදු ගෙවලා, ඒ බදු වලින් තමයි රාජ්‍ය යන්ත්‍රණය ජීවත් වෙන්නෙ.

ඒ නිසා රාජ්‍ය යන්ත්‍රණයෙත් යුතුමක්, වගකීමක් තිබෙනවා මේ දහඩිය මහන්සියෙන් වැඩ කරන ගොවි පරපුරෙත් වැඩකරන පෞද්ගලික අංශයේ ජනතාවගෙත් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න සහ ඒ අයගේ සාධාරණත්වය වෙනුවෙන් ක්‍රියා කරන්න. බංකොලොත් වූ රටක වැඩ වර්ජන කරලා ලෝකෙට ඒවා ප්‍රදර්ශනය වුණාම ජාත්‍යන්තර මාධ්‍ය හරහා ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් අඩු වෙනවා. දැන් මේ ප්‍රදේශයෙත් සංචාරක ව්‍යාපාරය විශාල වශයෙන් ව්‍යාප්ත වී තියෙනවා. හෝටල් විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ හෝටල් අද විදේශිකයන්ගෙන් පිරිලා. දැන් වැඩවර්ජන කළාම මේ විදේශිකයන් පැමිණීම අඩුවෙනවා. ඒ අඩු වුණාම බංකොලොත් වෙලා තිබුණු රට ආයෙමත් තෙල් පෝලිං, ගෑස් පෝලිං, භූමිතෙල් පෝලිං හැදෙන සමාජයක් බවට පරිවර්තනය වෙනවා. ඒ නිසා තමයි දිගින් දිගටම අපි කියන්නෙ මේ වැරදි වැඩේ කරන්න එපා කියලා. මේ බංකොලොත් වූ රට බොහොම අමාරුවෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වෙනස් කරමින් තිබෙනවා. නිදහසින් පසුව අවුරුදු 76 ක් ම අපි විවිධ දේශපාලන සටන් පාඨ කියලා බොරු පොරොන්දු දීලා තිබෙනවා. මේකෙන් කාටවත් මිදෙන්න බැහැ.

මේකෙ ජනතා විමුක්ති පෙරමුණත් කොටස් කාරයෝ. ජනතා විමුක්ති පෙරමුණත් ඉතිහාසය පුරා ආණ්ඩු පිහිටුවන්න, ආණ්ඩු පෙරළන්න උදව් කරපු කණ්ඩායම්. බණ්ඩාරනායක මැතිණිව 1970 දී රෝහණ විජේවීර එදා මැතිණිට උදව් කළා. මැතිණිට උදව් කරලා මැතිණි පත් වුණාට පසුව 71 කැරැල්ල ක්‍රියාත්මක කළා. ඒකෙන් විශාල තරුණ ජීවිත ප්‍රමාණයක් මේ රටේ විනාශ වුණා. ත්‍රිවිධ හමුදාවේ විශාල ප්‍රමාණයක් ජීවතක්ෂයට පත්වුණා. රටේ මධ්‍යම පන්තිය නැති වුණා. අවසානයේ කොහොමහරි 76 වෙනකොට ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා එක්ක ජනතා විමුක්ති පෙරමුණ ගිවිසුමක් ඇති කරගත්තා, එතුමා ජයග්‍රහණය කළොත් ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධව අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවේ (CJC) තීරණ වෙනස් කරලා ඒ අයට ඔක්කොටම නිදහස ලබා දෙනවා කියලා. ඒ නිසා යාපනයේ සිර ගෙදර සිරගත වෙලා හිටපු රෝහණ විජේවීර, ජේ.ආර්. ජයවර්ධන මහත්මයා ඒ පොරොන්දුව අනුව 77 ජයග්‍රහණයෙන් පසුව නිදහස් කළා. ඒ නිදහස් කළාට පසුව ආයෙමත් 83,84 වෙනකොට රටේ කැරලි තත්ත්වයක් ඇති කරපු නිසා නැවත ඔහු සැඟවෙන තැනට පත්වුණාම, සැඟවිලා රටේ භීෂණය මතු කළාම, නැවතත් රට තුළ අරාජික තත්ත්වයක් ඇති වුණා.

දැන් මේ රට වරින්වර අරාජික කරමින් දිගින් දිගටම මේ රට පුරා කරපු දේශපාලන ව්‍යාපාරයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ. 87,88 වෙනකොට දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා බලයට ගේන්නත් ඇතැම් අය කියනවා යම්කිසි කාරණා ජනතා විමුක්ති පෙරමුණ අවබෝධයෙන් ඉටු කළා කියලා. ඒ ගැන මට හරියට කියන්න බැහැ. ඒක සමාජ මතයක් පමණයි. කෙසේ හෝ අවසානයේ ප්‍රේමදාස මැතිතුමා මේ රටේ ජනාධිපති වුණා. ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති වෙලා ටික කාලයක් යනකොට ජීවිතක්ෂයට පත්වුණාම නැවත විජේතුංග මැතිතුමා බලය ලබා ගත්තම තහනම් කර තිබූ ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන ව්‍යාපාරය නිදහස් කළා. නැවත ඔවුනට ප්‍රජාතන්ත්‍රවාදයට එන්න පාර හදලා දුන්නා.

1994 දී චන්ද්‍රිකා කුමාරතුංඟ මැතිණිය සමග ජනතා විමුක්ති පෙරමුණ වැඩ කළා. එහි ප්‍රතිඵලයක් හැටියට පළවෙනි නියෝජිතයා හම්බන්තොටින් බුලේගොඩ මහත්මයා පාර්ලිමේන්තුවට පැමිණියා. ඔහු අස්වුණු නිසා නිහාල් ගලප්පත්ති මහත්මයා පසුව පාර්ලිමේන්තුවට පැමිණියා. කෙසේ හෝ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය සමග දෙවන වර ජනාධිපතිවරණයෙදිත් නන්දන ගුණතිලක මැතිතුමා ජනාධිපති අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වෙලා, පසුව අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වෙලා ජනාධිපති ධූරය අහෝසි කරනවා කියලා චන්ද්‍රිකා මැතිණියට ජනතා විමුක්ති පෙරමුණ උදව් කළා.එතැනින් නැවතුණේ නෑ, මේ ව්‍යාපාරය තව ඉදිරියට ගියා. චන්ද්‍රිකා මැතිණියගෙන් පසුව මහින්ද රාජපක්ෂ දිනවන්න ගෙන් ගෙට ගිහිල්ලා කිව්වා මේ රටේ ඉන්න කෘතහස්තම දේශපාන නායකයා මහින්ද රාජපක්ෂ කියලා. ඒ නිසා මහින්දට ඡන්දය දෙන්න කියලා. එතැනින් නැවතිලත් නෑ, පසු කාලීනව මෛත්‍රීපාල සිරිසේන මහත්මයා දිනවන්න වැඩ කළා. ෆොන්සේකා මහත්තයා දිනවගන්න වැඩ කළා.

එතකොට මේ සෑම අවස්ථාවකම ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ දේශපාලන ක්‍රියාවලියේ ශක්තිමත් ව්‍යාපාරයක් බවට පත්වෙලා තිබෙනවා. උදාහරණයක් හැටියට ගත්තම මහජන නියෝජිතයන් 38 දෙනෙක් පත් වුණා. ඔවුනට ලැබුණු ජාතික ලැයිස්තුවේ තනතුරු දෙකත් මහින්ද රාජපක්ෂ මහත්තයට පූජා කරලා පොහොට්ටුවෙන් මහජන නියෝජිතයන් දෙදෙනෙකු පාර්ලිමේන්තුවට ගෙන්වන්න තරම් සහයෝගයෙන් මහින්ද මහත්තයා සමග ඔවුන් ක්‍රියා කළා.ඒ් ආකාරයට තමයි ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ක්‍රියා කරලා තියෙන්නෙ. එතකොට මෙවැනි ඉතිහාසයක් තිබෙන ජනතා විමුක්ති පෙරමුණ ගත්තත් මේ රටේ සියලු දේශපාලන පක්ෂ මේ රට බංකොලොත් භාවයට පත් කළාට ජනතා විමුක්ති පෙරමුණ අංක 01 ට වගකිව යුතු බව මතක තබා ගත යුතුයි. ඒ නිසා තමයි දිගින් දිගටම අපි කියන්නේ, දැන් මේ සෙල්ලම නවත්වලා මේ රටට ජාතික ප්‍රතිපත්ති රාමුවක් හදාගෙන, ඒ ජාතික ප්‍රතිපත්තිවලට සියළු දෙනා සහ සියළු දේශපාලන පක්ෂ එකඟ වෙලා ඉදිරියට යමුයි කියලා.

අපිට ජනතා විමුක්ති පෙරමුණත් ඕන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඕන, පොහොට්ටුවත් ඕන, සියළු දේශපාලන පක්ෂ ඕන. අපි ඒ අය සමග වැඩ කරනකොට ඒ අයට හොරයි කියලා වැඩක් නෑ. හොරකම් ඉතිහාසය බැලුවොත් මේ පළාතේ පළවෙනි බැංකු මංකොල්ලය කැබිතිගොල්ලෑවේ සිද්ධ වෙන්න‍ෙ 1971 ජනතා විමුක්ති පෙරමුණෙන්. ඉන් පසුව බැංකු මංකොල්ලය සිද්ධ වෙන්නෙ ඇල්පිටියේ. ඉතින් බැංකු මංකොල්ල ඉතිහාසයක් ගැන ලංකා ඉතිහාසයේ දේශපාලන භූමිකාවේ සඳහන් වෙනවා. ඒ නිසා අපි මේවා මතක් කර කර ක්‍රියාකරන්න යන්නේ නැතුව අපිට තිබෙන්නේ එකමුතු කමෙන් ජයගන්න. ඒ නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා දිගින් දිගටම කියනවා අපි එකමුතු වෙලා මේ රට ගොඩ නගමු කියලා. අපේ පළවෙනි ව්‍යායාමය වෙන්න ඕන රටේ මහජනතාවම මිසක් දේශපාලන පක්ෂවල එක එක පුද්ගලයන්ගේ සිහින නොවේ.

මට අගමැති වෙන්න, ජනාධිපති වෙන්න සිහින මවාගන්න එක නොවේ කළ යුත්තේ. ඉතින් ඒ නිසා බංකොළොත් වූ රට ගොඩ ගනිමින් සිටිනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. දැන් නැවතත් වැඩ වර්ජන, යම් යම් කුමන්ත්‍රණ, යම් යම් දේශපාලන පක්ෂ විසින් මේ රට බිම ඇදලා දාන්න කටයුතු කළොත් අන්න ඒ කණ්ඩායම අනිවාර්යෙන්ම මේ රටේ මහජනතාවට වගකිව යුතුයි කියලා මතක් කරන්න කැමතියි යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 8,497
Previous Post

හරීන් “ලංකාව ඉන්දියාවේ කොටසක් කියනවිට බලයට ඉව අල්ලන කල්ලි කසාය බීපු ගොළුවන් වගේ – මන්ත්‍රී විමල්

Next Post

ආණ්ඩුව පන්සල්වල පවා විදුලිය විසන්ධි කර හාමුදුරුවන්ට අපහාස පවා කරනවා – විපක්ෂ නායක සජිත්

editor ttvnews

editor ttvnews

Next Post
ආණ්ඩුව පන්සල්වල පවා විදුලිය විසන්ධි කර හාමුදුරුවන්ට අපහාස පවා කරනවා – විපක්ෂ නායක සජිත්

ආණ්ඩුව පන්සල්වල පවා විදුලිය විසන්ධි කර හාමුදුරුවන්ට අපහාස පවා කරනවා - විපක්ෂ නායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
වාහන මිලට වෙච්ච දේ ?

වාහන මිලට වෙච්ච දේ ?

19 May 2025

Recent News

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
වාහන මිලට වෙච්ච දේ ?

වාහන මිලට වෙච්ච දේ ?

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved