කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේදී ගිනිඅවි දෙකක් සහ පතොරම් තොගයක් සන්තකයේ තබාගෙන සිටි 48 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයේ අපරාධ බුද්ධි ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
පොලිස් භාරයට ගත් භාණ්ඩ අතර BSA රයිෆලයක්, දෙබරල් බෝර 12 තුවක්කුවක්, බෝර 12 පතොරම් 15ක්, මිලිමීටර් 0.22 පතොරම් 02ක් හා මැගසින් එකක් සහ මිලිමීටර් 7.62 පතොරම් 50ක් වන බව වාර්තා වේ. සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කඩුවෙල පොලිසිය මගින් ක්‍රියාත්මකයි.














