කලවාන ප්‍රාදේශීය සභා සභාපති ප්‍රියන්ත සුමිත් සෝමදාස මහතාගේ නිල කාමරයට ඇතුළු වී රාජකාරියට බාධා කරමින් මරණීය තර්ජන එල්ල කළ බවට චෝදනා ලැබූ එම සභාවේ හිටපු විපක්ෂ නායකවරයා සහ අනෙක් සැකකරු ලබන අප්‍රේල් මස 9 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කලවාන මහේස්ත්‍රාත්වරිය අද (30) නියෝග කළාය.
පසුගිය 27 වනදා සභාපතිවරයා රාජකාරි කටයුතුවල නිරතව සිටියදී බීමතින් පැමිණි සැකකරුවන් දෙදෙනා පරුෂ වචනයෙන් බැන වදිමින් මෙම කලහකාරී හැසිරීම සිදුකර ඇති බව වාර්තා වේ. කලවාන පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් මීට පෙර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දක්වා රිමාන්ඩ් කර තිබූ අතර, නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.














