කළුතර දකුණ, කිතුලාව ප්‍රදේශයේදී අසල්වැසි ඥාති තරුණයෙකු එල්ල කළ පොරෝ පහරකින් බරපතළ තුවාල ලබා සිටි එච්. පී. යසවතී නමැති 71 හැවිරිදි කාන්තාව දින 16ක දැඩි සටනකින් පසු ඊයේ (27) ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉකුත් 11 වනදා සිය නිවසේ සාලය තුළදී මෙම අමානුෂික ප්‍රහාරයට ඇය මුහුණ දී තිබූ අතර, සැකකරු ඇගේ මුහුණටම පොරවකින් පහර දී තිබුණි. ලේ විලක් මැද වැටී සිටි ඇයව මුලින්ම දැක ඇත්තේ නිවසේ ලේලිය විසින් වන අතර, පහරදීමට යොදාගත් පොරව ද එම ස්ථානයේම තිබී පොලිසිය විසින් සොයා ගන්නා ලදී. පහරදීම සම්බන්ධයෙන් සැක කෙරෙන ඥාති තරුණයා එදිනම අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
කළුතර දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පති පද්මිණී වීරසූරිය මහත්මියගේ අධීක්ෂණය යටතේ කළුතර දකුණ මූලස්ථාන පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මියගිය මවගේ දේහය ඥාතීන්ට භාර දීමට නියමිතය.
















