කෙත්හේන සිට කළුතර දක්වා දිවෙන ප්‍රධාන සැපයුම් නල මාර්ගයක සිදු වූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම තාවකාලිකව අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. මෙම තත්ත්වය මත වස්කඩුව, මොල්ලිගොඩ, මොරොන්තුඩුව, කළුතර උතුර සහ දකුණ, නාගොඩ, කටුකුරුන්ද මෙන්ම බෝම්බුවල යන ප්‍රදේශවලට ජලය සැපයීම අඩාල වී තිබේ. අදාළ නඩත්තු කටයුතු නිම කර හෙට (16) පෙරවරු 10.00 වන විට ජල සැපයුම යළි යථාවත් කිරීමට අපේක්ෂා කරන බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන අතර මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 1939 ක්ෂණික ඇමතුම් අංකය මගින් ලබාගත හැකිය.














