මහනුවර – මාතලේ ප්‍රධාන මාර්ගයේ අකුරණ, හතේ කණුව ප්‍රදේශයේ පිහිටි දැව භාණ්ඩ ප්‍රදර්ශනාගාරයක අද (08) පෙරවරුවේ හදිසි ගින්නක් හටගෙන තිබේ. මෙම ගින්න හේතුවෙන් අදාළ ප්‍රදර්ශනාගාරයට මෙන්ම ඒ අසලම පවත්වාගෙන ගිය දැව භාණ්ඩ නිෂ්පාදනාගාරයට සහ දැව ගබඩාවට ද දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ.
ගින්න හටගත් අවස්ථාවේදී ප්‍රදේශවාසීන් සහ ගිනි නිවීමේ අංශ එක්ව එය මැඩපැවැත්වීමට කටයුතු කළ ද, ඇතුළත තිබූ දැව තොග සහ නිම කළ ගෘහ භාණ්ඩ හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර ගොස් ඇත. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අලවතුගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














