මහනුවර පල්ලේකැලේ ප්‍රදේශයේදී අද (02) අලුයම සිදු වූ බස් රථ – යතුරුපැදි අනතුරින් බරපතල තුවාල ලබා මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අනෙක් සිසුවා ද අද සවස ජීවිතක්ෂයට පත් වූ බව පල්ලේකැලේ පොලිසිය තහවුරු කරයි.
මහනුවර ශාන්ත සිල්වෙස්තර සහ විද්‍යාර්ථ විද්‍යාල අතර පැවැත්වීමට නියමිත “හුරතලුන්ගේ සටන” වාර්ෂික ක්‍රිකට් තරගයට සහභාගී වීම සඳහා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුර සිදුවිය. පෞද්ගලික බස් රථයක ගැටීමෙන් සිදුවූ මෙම අනතුරින් යතුරුපැදිය පැදවූ සිසුවා එම ස්ථානයේදීම මිය ගිය අතර, රෝහල්ගතව සිටි අනෙක් සිසුවා ද මෙලෙස මියගොස් තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ 13 වන වසරේ (උසස් පෙළ) ගණිත අංශයේ ඉගෙනුම ලැබූ නෙතුල නම්දිනූ සහ සජීව කරුණාරත්න යන සිසුන් දෙදෙනාය. පාසල් සිසුන් දෙදෙනෙකුගේ අකල් මරණය හේතුවෙන් මහනුවර ප්‍රදේශයේ මෙන්ම පාසල් ක්ෂේත්‍රයේ ද දැඩි සංවේගයක් හටගෙන ඇති අතර, අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන විමර්ශන ක්‍රියාත්මකය.















