නියමිත පාලන මිලට (උපරිම සිල්ලර මිලට) වඩා වැඩි මිලට පානීය ජල බෝතල් අලෙවි කළ මහනුවර ප්‍රදේශයේ අවන්හලක් වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ. පාරිභෝගික පැමිණිලි අංක 1977 වෙත ලැබුණු තොරතුරකට අනුව මහනුවර දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කරන ලදී.
පාලන මිල ඉක්මවා පාරිභෝගිකයන්ගෙන් මුදල් අය කිරීමේ වරද යටතේ අදාළ අවන්හලට එරෙහිව නීතිමය පියවර ගැනීමට නිලධාරීන් කටයුතු කර ඇති අතර, උත්සව සමය තුළ මෙලෙස අසාධාරණ ලෙස මිල ඉහළ නංවන වෙළෙඳුන් සොයා අඛණ්ඩව වැටලීම් සිදු කරන බව ද පාරිභෝගික අධිකාරිය අවධාරණය කරයි.














