සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ “කප්රුක” ලොතරැයිය හරහා මෙරට ලොතරැයි ඉතිහාසයේ වාර්තා වූ වැඩිම ත්‍යාග මුදල වන රුපියල් 629,855,919.60ක (හැට දෙකෝටි අනූඅට ලක්ෂ පනස්පන්දහස් නවසිය දහනවයයි ශත හැටක) මුදල අද (අප්‍රේල් 10) ජයග්‍රාහකයා වෙත නිල වශයෙන් ප්‍රදානය කෙරිණි. සංවර්ධන ලොතරැයි මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැති මෙම උත්සවයේදී ජයග්‍රාහකයාට හිමි චෙක්පත පිරිනැමූ අතර, අදාළ ලොතරැයි පත අලෙවි කළ නියෝජිත මහතා වෙත ද ඇගයීම් සහ දිරිගැන්වීම් ත්‍යාග පිරිනැමීම සිදු විය.
මෙම අවස්ථාවේදීම දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් බිහි වූ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අනෙකුත් සුපිරි ජයග්‍රාහකයින්, විසි ලක්ෂපතියන් සහ දස ලක්ෂපතියන් සඳහා ද ත්‍යාග චෙක්පත් ප්‍රදානය කිරීම සිදු කෙරිණි.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී නීතිඥ හේමන්ත ස්වර්ණතිලක මහතා ඇතුළු මණ්ඩලයේ අධ්‍යක්ෂවරුන්, මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලේ සහ ජාතික සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ සභාපතිවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.














