බණ්ඩාරවෙල, ඇල්ල ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික කරඳගොල්ල නිල්දිය පොකුණ භූගත ජලාශය නැවත විවෘත කරන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් දැඩි විරෝධතාවයක නිරත වන බව වාර්තා වේ. 2024 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී ඇති වූ මත ගැටුමක් හේතුවෙන් රාවණාඇල්ල වනජීවී කාර්යාලය විසින් මෙය වසා දමනු ලැබූ අතර, එතැන් සිට මාස 16 ක පමණ කාලයක් මෙය වසා දමා තිබේ.
මෙම තීරණය හේතුවෙන් නිල්දිය පොකුණ ආශ්‍රිතව සේවය කළ මඟපෙන්වන්නන් ඇතුළු 100 කට අධික පිරිසකගේ සහ ඒ මත යැපුණු තවත් 300 ක පමණ පවුල්වල ආදායම් මාර්ග සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව ගම්වාසීහු පවසති. වර්තමානය වන විට වනජීවී අධිකාරිය යටතේ මෙය නවීකරණය කර තිබුණද, එය තවමත් ජනතා අයිතියට පත් කර නොමැත.
එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට පෙර නිල්දිය පොකුණ සංචාරකයන් සඳහා විවෘත නොකරන්නේ නම්, දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වා එහි දොරටු බලහත්කාරයෙන් විවෘත කිරීමට කටයුතු කරන බවට ගම්වාසීන් රජයට අනතුරු ඇඟවීමක් කර ඇත.














