ඉරානයේ හිටපු නායකයින් කිහිප දෙනෙකු “දැන් මේ පෘථිවියේ ජීවතුන් අතර නැත්තේ” ඔවුන් ඇමෙරිකාවට බොරු කීම සහ සාකච්ඡා හිතාමතාම ප්‍රමාද කිරීම නිසා බව ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා කැරොලයින් ලෙවිට් (Karoline Leavitt) අද (31) ප්‍රකාශ කළාය. ඇමෙරිකාව ඉදිරිපත් කළ කරුණු 15කින් යුත් සාම යෝජනාවලිය ඉරානය විසින් “අතාර්කික සහ අසාධාරණ” ලෙස හඳුන්වමින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ඇය මෙම ප්‍රකාශය සිදු කර තිබේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ස්ථාවරය පැහැදිලි කරමින් ඇය සඳහන් කළේ, සාකච්ඡා මුවාවෙන් ඇමෙරිකාව නොමඟ යැවීමට උත්සාහ කිරීම ජනාධිපතිවරයා කිසිසේත් ඉවසන්නේ නැති බවයි. ඇතැම් ඉරාන නායකයින් ඝාතනය කිරීමට හේතුව ද එයම බව ඇය මෙහිදී විවෘතව පිළිගත්තාය. ඉරානය ප්‍රසිද්ධියේ මෙම යෝජනා ප්‍රතික්ෂේප කළ ද, රහසිගතව සාකච්ඡා සිදුවන බවත් පෙර සිටි නායකයින්ට අත් වූ ඉරණම වත්මන් නායකයින්ට ද අත් නොවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් ධවල මන්දිරය වැඩිදුරටත් අවධාරණය කළේය.















