2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද පැවැත්වෙන තීරණාත්මක තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය. කාසිය වාසිය දිනූ දකුණු අප්‍රිකානු නායකයා ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසීමට නියමිතය.
කණ්ඩායම් දෙකම ප්‍රබල ක්‍රීඩකයින්ගෙන් සමන්විත බැවින් අද තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි ක්‍රීඩා විචාරකයෝ අපේක්ෂා කරති. විශේෂයෙන්ම මෙම තරගාවලියේ ඉදිරි වටය සඳහා සුදුසුකම් ලැබීමට කණ්ඩායම් දෙකටම මෙම ජයග්‍රහණය බෙහෙවින් වැදගත් වේ. පන්දු යවන්නන්ට මෙන්ම පන්දුවට පහර දෙන්නන්ට ද හිතකර තත්ත්වයක් පවතින ක්‍රීඩාංගණයක මෙම තරගය පැවැත්වෙන බැවින් ප්‍රබල සටනක් දැක බලා ගැනීමට ප්‍රේක්ෂකයින් මහත් උනන්දුවෙන් බලා සිටිති.














