බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කිරීමට උත්සාහ කිරීමේදී ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදාහැරිය බලංගොඩ කස්සප හිමියන්, ඊයේ (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පොලිසියට සහ බන්ධනාගාර බලධාරීන්ට එරෙහිව දැඩි විවේචන එල්ල කළහ.
උන්වහන්සේ ඉදිරිපත් කළ ප්‍රධාන කරුණු කිහිපයක් මෙසේය:
පොලිස් පහරදීම්: ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කළ ස්ථානයට කම්බි වැටවල් කපාගෙන ඇතුළු වූ 200ක පමණ පොලිස් පිරිසක්, තමන් වහන්සේ ඇතුළු පිරිසට සිවුරු ගැලවී යන තෙක් අමානුෂික ලෙස පහර දුන් බව උන්වහන්සේ ප්‍රකාශ කළහ. බන්ධනාගාර තර්ජන: රක්ෂිත බන්ධනාගාරගතව සිටි සමයේදී බන්ධනාගාරයේ ඉහළ නිලධාරියෙකු “උඹට පුළුවන් දෙයක් කරපන්” යනුවෙන් තමන් වහන්සේට තර්ජනය කළ බව ද උන්වහන්සේ හෙළි කළහ. සිද්ධියේ පසුබිම: සියම් දේශයෙන් මෙරටට උපසම්පදාව රැගෙන ආ ඓතිහාසික භූමියක බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීම වරදක් සේ සලකා රජය බෞද්ධ විරෝධී පිළිවෙතක නිරත වන බවට උන්වහන්සේ චෝදනා කරති. නීතිමය තත්ත්වය: මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් වහන්සේ ඇතුළු සිව්නමක් සහ තවත් 10 දෙනෙකු දින 29ක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි බවත්, තුවාල ලැබූ භික්ෂූන් වහන්සේලා රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ බවත් මෙහිදී සඳහන් විය.














