• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

කටාන ගුවන් නගරයක් ලෙස සංවර්ධනය කෙරේ – ඇමැති ප්‍රසන්න

19 February 2023
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කටාන ගුවන් නගරයක් ලෙස ඉදිරි දස වසර තුළ එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කල යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා ඒ සම්බධයෙන් උපදෙස් ලබා දී ඇති අතර නාගරික සංවර්ධන අධිකාරිය ඊට අදාළ සංවර්ධන සැලැසුම් කෙටුම්පත සකස් කර තිබේ.

කෙටුම්පත් කරන ලද කටාන නගර සංවර්ධන සැලැස්ම සදහා මහජන නියෝජිතයින්ගේ සහ නිලධාරීන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම පසුගියදා (17) සිකුරාදා නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණ.

කටුනායක සීදුව නගර සභාව සහ කටාන ප්‍රාදේශීය සභාව යන බල ප්‍රදේශය 2 සදහා කටාන නගර සංවර්ධන සැලැස්ම සකස් කර ඇත. එය ක්‍රියාත්මක වන්නේ 2023 සිට 2033 දක්වායි. කටුනායක සීදුව බල ප්‍රදේශය ප්‍රවාහන, ගුවන් භාණ්ඩ හා සංචාරක සේවාවන් සපයන ලොව පිළිගත් ගුවන් පුරයක් බවට පත් කිරීම සහ කටාන බල ප්‍රදේශය ස්වයංපෝෂිත ආර්ථිකයක් සහිත සුවපහසු නගරයක් බවට පත් කිරීම මෙහි අරමුණයි.

මෙහිදී කටාන නගර සංවර්ධන සැලැස්මේ කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන මහත්මිය විසින් කටුනායක සීදුව නගර සභාවේ සභාපති චමිත් නිශාන්ත මහතාට සහ කටාන ප්‍රාදේශීය සභවේ සභාපති සිසිර ප්‍රනාන්දු මහතාට වෙත ලබා දුන්නාය.

මෙම පළාත් පාලන ආයතන දෙකෙහි අනෙකුත් මන්ත්‍රීවරුන් වෙතද මෙම කෙටුම්පත ලබා දී ඔවුන්ගේ සහ මහජනතාවගේ අදහස් හා යෝජනා ලබා ගැනීමට කටයුතු කෙරේ. ඒ සදහා දින 60 ක කාලයක් ලබා දී තිබේ. ඉන් අනතුරුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් කටාන නගර සංවර්ධන සැලැසුම ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනු ලබයි.

විෂය භාර අමාත්‍යවරයා විසින් නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලබන ඕනෑම ප්‍රදේශයක් සදහා නගර සංවර්ධන සැලැස්මක් සකස් කර එය ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය බැඳී සිටී. ඒ 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරී පනත මගිනි.

කටාන නගර සංවර්ධන සැලැස්මේ දැක්ම වන්නේ “ගෝලීය ගුවන් පුරය හා බැදි සුවපහසු නාගරික පුරවරය” යන්නයි. ආර්ථික හා සංචාරක සංවර්ධනය, ඉඩම් හා ගොඩනැගිලි සංවර්ධනය, තිරසාර පරිසර සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය යන ප්‍රධාන උපාය මාර්ග මූලික කර ගනිමින් කටාන නගර සැලසුම ක්‍රියාවට නැංවේ.

කටාන නගරය අන්තර් පළාත් සම්බන්ධතා ප්‍රවර්ධන නගරයකි. කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගය, කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය සහ රාගම – පුත්තලම දුම්රිය මාර්ගය පිහිටා ඇත්තේ මෙම නගරය හරහායි. මෙම බල ප්‍රදේශයේ විශාලත්වය වර්ග කිලෝ මීටර් 107 කි. මෙහි නේවාසික භූමි ප්‍රමාණය 55% කි. කෘෂි කාර්මික කටයුතු සදහා වෙන්ව ඇති භූමි ප්‍රමාණය 21% කි. ග්‍රාම නිළධාරී වසම් ගණන 79 කි. මුළු ජනගහනය දෙලක්ෂ පනස් තුන් දහසකට ආසන්නය.
ශ්‍රී ලංකාවේ ප්‍රථම නිදහස් වෙළද කලාපය වන වන කටුනායක වෙළද කලාපය, මෙරට පළමු ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන කටුනායක ගුවන්තොටුපළ, නිරිතදිග ශ්‍රී ලංකාවේ විශාල මොය කලපුව වන මීගමුව කලපුව, මෙරට විශාලතම නාගරික තෙත්බිම වන මුතුරාජවෙල අභය භූමිය ඇතුළු වටිනා ස්ථාන රැසක් මෙම බල ප්‍රදේශය තුළ පිහිටා තිබේ.

කටාන ප්‍රදේශීය සභාවේ උප සභාපති චමින්ද රත්නායක, හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද හරිස්චන්ද්‍ර, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද, නාගරික සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මහින්ද විතානාරච්චි, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) එම්.පී. රණතුංග, නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) හේමාල් ලක්පැතුම් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Post Views: 4
Previous Post

වගකීම් විරහිතව කටයුතු කළහොත් හැමෝටම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවලට යටත් වීමට සිදු වේවි – නීතිඥ සුනිල් වටගල

Next Post

අන්තවාදි දේශපාලන පක්ෂ රට විනාශ කළා – වැඩබලන වනජිවි ඇමති රෝහණ කියයි

editor

editor

Next Post

අන්තවාදි දේශපාලන පක්ෂ රට විනාශ කළා - වැඩබලන වනජිවි ඇමති රෝහණ කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved