රුපියල් එක්කෝටි හැත්තෑහත් ලක්ෂයක් (රු. 17,700,000) වටිනා නීතිවිරෝධී විදෙස් දුම්වැටි තොගයක් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ චීන ජාතිකයන් දෙදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට පැමිණි ගුවන් යානයකින් මොවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වී ඇති බවයි වාර්තා වන්නේ.
මොවුන් විසින් රැගෙන ආ ගමන් මලු පහක් (05) පරීක්ෂා කිරීමේදී ඒ තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ විදේශීය නිෂ්පාදිත දුම්වැටි එක්ලක්ෂ දහඅටදහසක් (118,000) සොයා ගැනීමට හැකි වූ බව රේගු නිලධාරීන් සහ ආරක්ෂක අංශ සඳහන් කරනවා. අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් දෙදෙනා සහ දුම්වැටි තොගය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ගුවන් තොටුපළ රේගුව මඟින් ක්‍රියාත්මකයි.














