• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාස 3ක් පුරා සීඅයිඩියේ රඳවා සිටි කීර්ති රත්නායක පොලිස් ඇමැති ඇතුළු 20 කට එරෙහිව නඩු දමයි..!

10 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මාස 3 ක් තිස්සේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සීඅයිඩිය තුල රඳවාගෙන සිටින ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී කීර්ති රත්නායක සිය නීතිඥවරුන් හරහා මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද(10) ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙළේ ය.

එය අංක SCFR 363/2021 දරණ කීර්ති රත්නායකගේ මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් නීතිපතිවරයා, පොලිසිය බාර ඇමැති සරත් වීරසේකර, එම අමාත්‍යාංශ ලේකම් ජගත් පී. විජේවීර, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, පොලිස්පතිවරයා, ජ්‍යෙ.නි.පො. දේශබන්ධු තෙන්නකෝන්, සීඅයිඩිය බාර නි.පො. ඩබ්. තිලකරත්න, සීඅයිඩී අධ්‍යක්ෂ එස්එස්පී රොහාන් ප්‍රේමරත්න, තවත් සීඅයිඩී අධ්‍යක්ෂ වරයෙක් වන එස්පී රන්දෙනිය, සීසීඩීය බාර නියෝජ්‍ය පොලිස්පති, සීසීඩී අධ්‍යක්ෂ එස්එස්පී නන්දන කුමාර ඇතුළු 20 දෙනෙකු වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත.

මාධ්‍යවේදී කීර්ති රත්නායකගේ සිද්ධිය සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් හි මෙසේ පල කර ඇත.

උඹ දැනගනින් උඹ ඉන්නේ දැන් අපේ ගෙදර, අපේ ගෙදර නඩු විසඳන්නේ අපිට ඕනෑ විදිහට” යයි කියමින් අත් අඩංගුවේ දී පොලිසිය තමන්ට තර්ජනය කළ බවත් පොලිසිය බාර ඇමැති සරත් වීරසේකර සහ ජ්‍යෙ.නි.පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් පිළිබඳ තමන් ලංකා ඊ නිව්ස් වෙත ලියන ලද ලිපි සම්බන්ධයෙන් තමන් බිය ගන්වන බවත් සඳහන් කරමින් මේ වන විට මාස 3 ක් තිස්සේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සීඅයිඩිය තුල රඳවාගෙන සිටින ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී කීර්ති රත්නායක සිය නීතිඥවරුන් හරහා මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද(10) ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙළේ ය.

අංක SCFR 363/2021 දරණ කීර්ති රත්නායකගේ මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් නීතිපතිවරයා, පොලිසිය බාර ඇමැති සරත් වීරසේකර, එම අමාත්‍යාංශ ලේකම් ජගත් පී. විජේවීර, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, පොලිස්පතිවරයා, ජ්‍යෙ.නි.පො. දේශබන්ධු තෙන්නකෝන්, සීඅයිඩිය බාර නි.පො. ඩබ්. තිලකරත්න, සීඅයිඩී අධ්‍යක්ෂ එස්එස්පී රොහාන් ප්‍රේමරත්න, තවත් සීඅයිඩී අධ්‍යක්ෂ වරයෙක් වන එස්පී රන්දෙනිය, සීසීඩීය බාර නියෝජ්‍ය පොලිස්පති, සීසීඩී අධ්‍යක්ෂ එස්එස්පී නන්දන කුමාර ඇතුළු 20 දෙනෙකු වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත.

ගත්තේ එකකට ප්‍රශ්න කරන්නේ වෙන දේවල්..

කීර්ති රත්නායක අත් අඩංගුවට ගැනීමට පාදක කරත්තේ ඔහු විසින් ඉන්දියානු තානාපති කාර්යාලයේ නිලධාරිනියක් වන භානු ප්‍රකාශ් මෙනවියට ඉන්දීය නිදහස් දිනය දා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි යයි වට්ස්ඇප් හරහා කරන ලද අනතුරු ඇඟවීමකි. නමුත් යවන ලද වට්ස්ඇප් පණිවිඩය පිළිබඳව රහස් පොලිසිය ඔහුගෙන් මුලින් ප්‍රශ්න කළ නමුත් මේ වන විට ප්‍රශ්න කිරීම් මාලාවම සිදු කරන්නේ මාධ්‍යවේදියෙකු ලෙස ඔහු විසින් ලියා පළ කළ ලිපි සහ එම ලිපිවල මූලාශ්‍ර පිළිබඳව බව පෙත්සමේ සඳහන් වේ. 15 වැනි වග උත්තරකරු වන ජ්‍යෙ.නි.පො. දේශබන්ධු තෙන්නකෝන් සහ 19 වැනි වගඋත්තරකරු වන ඇමැති සරත් වීරසේකරගේ හැසිරීම් විවේචනය කර සහ හෙළිදරව් කරමින් කීර්ති ලියා ඇති ලිපි සම්බන්ධයෙන් ඔහු බිය ගන්වන ආකාරයෙන් මේ වන විට ප්‍රශ්න කරන බව ද පෙත්සමේ සඳහන් වේ.

සාක්කි නෑ, චෝදනා නෑ…

මේ දක්වා කීර්ති රත්නායක නිසි අධිකරණයක් වෙත ඉදිරිපත් කර නොමැති අතර ඔහු රඳවා ගැනීමට අදාල රැඳවුම් නියෝගය හෝ ඔහුට පෙන්වා නැත. එපමණක් නොව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටීනම් එම පනත උල්ලංඝනය කරමින් සිදු කර ඇති යම් ක්‍රියාවක් කර ඇති බවට සාක්කියක් හෝ වෙනත් ආකාරයකින් විශ්වාස කළ හැකි ද්‍රව්‍යයක් හෝ නොමැති බවද පෙත්සමේ සඳහන් ය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමට නම් එවැනි සාක්ෂියක් අවශ්‍ය නමුත් එවැන්නක් මේ දක්වා ඉදිරිපත් කර නැත.

ලිපි වල මූලාශ්‍ර ඉල්ලා තර්ජනය කරනවා..

අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ ලිපි සහ තොරතුරු මූලාශ්‍ර පිළිබඳව ඔහුව දැඩි ලෙස ප්‍රශ්න කරන බවත්, ලිපිවල තොරතුරු මූලාශ්‍ර හෙළි කරන ලෙස තර්ජනය කරන බවත්, එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (අ) වගන්තිය යටතේ සහතික කර ඇති පෙත්සම්කරුගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ඇතුළු ප්‍රකාශන අයිතිය උල්ලංඝනය කර ඇති බවත් පෙත්සම මගින් පෙන්වා දී ඇත.

තමාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ප්‍රකාශ කරන ලෙසත්, රැඳවුම් නියෝගය අවලංගු කර තමන් නිදහස් කරන ලෙසත්, තමන්ට වන්දි වශයෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් වගඋත්තරකරුවන්ගෙන් ලබා දෙන ලෙසත් කීර්ති රත්නායකගේ මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

ජ්‍යෙෂ්ඨ නීතිඥ උපුල් කුමාරප්පෙරුමගේ උපදෙස් මත, නීතිඥ ෂෙලොමි ගුණරත්න, නීතිඥ ඕෂිනී රුබේරු, නීතිඥ මංජුල බාලසූරිය ඇතුළු නීතිඥ පිරිසක් කීර්තිගේ පෙත්සම වෙනුවෙන් පෙනී සිටිති.

 

Post Views: 4
Previous Post

පෙරේරා ඇන්ඩ් සන්ස් වෙතින් ත්‍රිකුණාමලය මූලික රෝහලට වෛද්‍ය ජල ප්‍රති ආශ්‍රැතිකරණ පද්ධතියක්

Next Post

පැන්ඩෝරා පත්‍රිකාව සම්බන්ධ විමර්ශනයේ ප්‍රගතිය ජනපතිට

editor

editor

Next Post

පැන්ඩෝරා පත්‍රිකාව සම්බන්ධ විමර්ශනයේ ප්‍රගතිය ජනපතිට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved