කෑගල්ල, අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිට්වා ආපදාවෙන් නිවාස අහිමි වූ සහ හානි වූ ජනතාව සඳහා වන්දි ප්‍රදානය කිරීමේ සහ නව නිවාස ඉදිකිරීමේ වැඩසටහන ඊයේ (05) ආරම්භ විය. පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සිදුකෙරුණු අතර එක් නිවසක් වෙනුවෙන් පිරිනමනු ලබන මුළු වන්දි මුදල රුපියල් මිලියන 5කි.
මෙම වන්දි මුදල අදියර තුනක් යටතේ ලබාදීමට නියමිත අතර ඒ අනුව පළමු අදියර යටතේ රුපියල් මිලියන 2ක මුදලක් ප්‍රදානය කෙරේ. අනතුරුව රුපියල් මිලියන 1.5 බැගින් වූ වාරික දෙකක් ලෙස ඉතිරි මුදල කොටස් වශයෙන් ලබාදීමට කටයුතු යොදා ඇත.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර මහතා, අරණායක ප්‍රාදේශීය ලේකම් ෂාමලී පියතිස්ස මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගී වූහ. ආපදාවට පත් ජනතාව යළි පදිංචි කරවීම සහ ඔවුන්ගේ ජීවනෝපාය නගාසිටුවීම මෙහි මූලික අරමුණයි.














