කැකිරාව නගරයේ ප්‍රසිද්ධ පාසලක සිසු සිසුවියන් පිරිසක් අද (10) දින බඹර ප්‍රහාරයකට ලක්ව තිබේ. මෙම අනපේක්ෂිත සිදුවීමෙන් විද්‍යාලයේ දරු දැරියන් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ.
සිද්ධිය වූ වහාම ක්‍රියාත්මක වූ පාසල් ආචාර්ය මණ්ඩලය, තුවාල ලැබූ සිසුන් 1990 සුවසැරිය ගිලන් රථ සේවය සහ පෞද්ගලික වාහන ආධාරයෙන් කැකිරාව මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ප්‍රතිකාර ලබන සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි. පාසල් පරිශ්‍රයේ තිබූ බඹර කූඩුවක් ඇවිස්සීම මෙම ප්‍රහාරයට හේතු වන්නට ඇතැයි සැක කෙරේ.














