කැලණිය පොලිස් වසමට අයත් නිලමෙවත්ත ප්‍රදේශයේදී අද (22) සවස සිදුකළ විශේෂ වැටලීමකදී, බලපත්‍ර නොමැතිව “අයිස්” (Ice – Crystal Methamphetamine) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි 22 හැවිරිදි තරුණියක පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. කැලණිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු විශේෂ තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.
මෙහිදී බලපත්‍ර නොමැතිව සන්තකයේ තබාගෙන සිටි අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 36 ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ. මීට අමතරව, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැකකරන රුපියල් 190,000/= ක (එක්ලක්ෂ අනූදහසක) මුදලක් සහ ජංගම දුරකථනයක් ද සැකකාරිය සන්තකයේ තිබී සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 22 ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇයව අද (2026.03.22) දින මහර ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. කැලණිය පොලිසිය මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.














