මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී පැවැති 119 වැනි “කඳුරට සුලෝහිත සංග්‍රාමයේදී” (Battle of the Maroons) ධර්මරාජ විද්‍යාලය ලකුණු 148කින් පරාජය කරමින් මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අද (22) ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කළේය. කිංග්ස්වුඩ් විද්‍යාලය මෙලෙස මහා ක්‍රිකට් තරගයක ජයග්‍රහණය සනිටුහන් කළේ 1958 වසරෙන් පසුව, එනම් වසර 68කට පසුව වීම විශේෂත්වයකි.
තරගයේදී කිංග්ස්වුඩ් කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 226ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ධර්මරාජ කණ්ඩායමට පළමු ඉනිමේදී රැස්කරගත හැකි වූයේ ලකුණු 160ක් පමණි. අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් කඩුලු 7කට ලකුණු 248ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළහ. ජයග්‍රහණය සඳහා ලකුණු 315ක ඉලක්කයක් හඹාගිය ධර්මරාජ කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 166ක් පමණක් බැවින් කිංග්ස්වුඩ් විද්‍යාලයට මෙම අතිවිශිෂ්ට ජයග්‍රහණය හිමි විය.














