පසුගිය මාර්තු 23 වැනිදා කොහුවල ප්‍රදේශයේදී චීන ජාතික කාන්තාවක් පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබේ. 26 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු ද චීන ජාතිකයෙකු වන අතර, ඔහු කොල්ලුපිටිය ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවතේ පිහිටි හෝටලයක රැඳී සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී කැමරා තුනක් සහ “අයිස්” (මෙතම්පෙටමින්) මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 280ක් පොලිසිය භාරයට ගෙන තිබේ. කොහුවල පොලිස් වසමේ කුලී පදනම මත ලබාගත් කාමරයක් තුළදී මෙම ඝාතනය සිදුවූ අතර, සැකකරු සොයා ගැනීමට පොලිසිය මීට පෙර මහජන සහාය ද ඉල්ලා සිටියේය.
සැකකරු අද (06) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කොහුවල පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.














