කුලියාපිටිය මීගහකොටුව හන්දියේදී වෙනත් යතුරුපැදිකරුවෙකුට හෙල්මට් එකකින් පහර දී පලාගිය සැකකරු කුලියාපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කුලියාපිටිය – පන්නල මාර්ගයේ සිට පැමිණි පුද්ගලයෙකු මාදම්පේ ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් අනෙක් යතුරුපැදිකරුට මෙලෙස පහර දෙන අයුරු අසල තිබූ සීසීටීවී (CCTV) කැමරාවක සටහන් වී තිබුණි. කුලියාපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයකින් පැමිණිල්ලක් ලැබී නොතිබුණ ද, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අදාළ දර්ශන පදනම් කරගනිමින් විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගත් බවයි.














