යාපනය කෝපායි පොලිස් පරිශ්‍රයේ කසළ ගොඩකට තැබූ ගින්නක් පාලනය කරගත නොහැකි ලෙස පැතිරී යාමෙන් පොලිස් ස්ථානයේ නාමපුවරුව සහ අත්අඩංගුවට ගෙන තිබූ නඩු භාණ්ඩ රැසක් පසුගිය (16) රාත්‍රී විනාශ වී තිබේ
පොලිස් නිලධාරීන් පිරිසක් විසින් කසළ ගොඩකට තැබූ ගින්නක් සුළඟ සමඟ පොලිස් පරිශ්‍රය පුරා වේගයෙන් පැතිරී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ
ගින්න හේතුවෙන් පොලිස් ස්ථානයේ ප්‍රධාන නාමපුවරුව මෙන්ම නඩු භාණ්ඩ ලෙස අත්අඩංගුවට ගෙන තිබූ බෝට්ටුවක් ඇතුළු ද්‍රව්‍ය රැසක් ගිනිගෙන විනාශ වී ඇත
යාපනය මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය වහාම පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කළද ඒ වන විටත් පොලිස් පරිශ්‍රයේ දේපළ රැසකට හානි සිදුව තිබුණි
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර නොසලකා හැරීම සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ට එරෙහිව පියවර ගැනීමට නියමිතය
















