ඇමෙරිකා-ඉරාන යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොළේ ගුවන් යානා ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් දකුණු කොරියාවේ ප්‍රධානතම ගුවන් සේවය වන කොරියන් එයාර් (Korean Air) ආයතනය “හදිසි කළමනාකරණ පද්ධතියක්” (Emergency Management System) අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. පෙබරවාරි 28 වනදා යුද්ධය ආරම්භ වූ දා සිට බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් මිල 50% කට වඩා වැඩි වී ඇති අතර, දැනට එය බැරලයක් ඩොලර් 110 ඉක්මවා ගොස් ඇත.
ගුවන් සමාගමේ උප සභාපති වූ කි-හොං (Woo Ki-hong) විසින් සේවකයින් වෙත නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඉහළ යන පිරිවැය පාලනය කිරීම සඳහා ආයතනික මට්ටමින් දැඩි වියදම් කප්පාදු කිරීමේ පියවර ගන්නා බවයි. කොරියන් එයාර් සමාගමට අමතරව දකුණු කොරියාවේ ඒෂියානා එයාර්ලයින්ස් (Asiana Airlines) සහ බුසාන් එයාර් (Busan Air) යන සමාගම් ද මෙම හදිසි පාලන ක්‍රමවේදයම අනුගමනය කිරීමට පියවර ගෙන තිබේ.
දකුණු කොරියාව සිය බලශක්ති අවශ්‍යතා සඳහා මැදපෙරදිග කලාපයට බෙහෙවින් යැපෙන බැවින්, පවතින යුදමය තත්ත්වය එරට ගුවන් සේවා ක්ෂේත්‍රයට සහ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙයි. විශේෂයෙන්ම ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) දත්තවලට අනුව මාර්තු 20 වනදා වන විට ගුවන් යානා ඉන්ධන බැරලයක මිල ඩොලර් 200 සීමාවට ආසන්න වී තිබුණි.














