කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල පවතින දැඩි වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් කොත්මලේ ජලාශයේ ජල මට්ටම 21.8%ක් දක්වා සීඝ්‍රයෙන් පහළ බැස ඇති බව එම ජලාශයේ කාර්යභාර ඉංජිනේරුවරයා පවසයි.
ඊයේ (30) උදෑසන 6 වන විට වාර්තා වූ දත්තයන්ට අනුව සමස්ත ජලාශයේම පවතින සක්‍රීය ජල මට්ටම ඝන මීටර් මිලියන 37.276ක් දක්වා අඩුවී තිබේ. පවතින වියලි කාලගුණය හේතුවෙන් මෙම ජලාශයට ඉහළින් පිහිටි ඉහළ කොත්මලේ ජලාශයේ ජල මට්ටම ද සැලකිය යුතු ලෙස බැස ගොස් ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් ජලාශයේ පවතින සීමිත ජල ප්‍රමාණය විදුලි උත්පාදන කටයුතු සඳහා නිකුත් කිරීම පිළිබඳව අවසන් තීරණ ගනු ලබන්නේ ජල පාලක ලේකම් කාර්යාලය (Water Management Secretariat) මඟින් බව ද එම නිලධාරියා වැඩිදුරටත් අවධාරණය කර ඇත.














