අමෙරිකාවේ හිටපු ස්වදේශ ආරක්ෂක ලේකම් (Secretary of Homeland Security) ක්‍රිස්ටි නොයෙම්ගේ (Kristi Noem) සැමියා වන බ්‍රයන් නොයෙම්, කාන්තා ඇඳුමින් සැරසී රහසිගත ජීවිතයක් ගත කරන බවට සහ අන්තර්ජාලය හරහා විවිධ කාන්තාවන් සමඟ සබඳතා පවත්වන බවට එල්ල වී ඇති ආන්දෝලනාත්මක චෝදනා හේතුවෙන් ඇය දැඩි කම්පනයට පත්ව සිටී. වසර තිහක පමණ කාලයක් විවාහ වී සිටින මෙම යුවළගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ මෙම අනාවරණය අද (31) ලොව පුරා දැඩි අවධානයට ලක්විය.
ක්‍රිස්ටි නොයෙම්ගේ මාධ්‍ය ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම සිදුවීමෙන් ඇය සහ ඇගේ පවුලේ පිරිස දැඩි සේ විමතියට සහ කම්පනයට පත්ව ඇති බවයි. “නොයෙම් මහත්මිය මේ පිළිබඳව බෙහෙවින් කනගාටුවට පත්ව සිටිනවා. මෙම අවස්ථාවේදී ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන ලෙසත් ඔවුන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරන ලෙසත් පවුලේ අය ඉල්ලා සිටිනවා,” යනුවෙන් එම නිවේදනයේ සඳහන් වේ.
Daily Mail පුවත්පත විසින් අනාවරණය කරන ලද වාර්තාවකට අනුව, බ්‍රයන් නොයෙම් විසින් අන්තර්ජාලය හරහා කාන්තාවන් කිහිප දෙනෙකු වෙත යොමු කරන ලද පණිවිඩ සිය ගණනක් හමුවී තිබේ. එහිදී ඔහු අස්වාභාවික අයුරින් සිරුර වෙනස් කරගත් කාන්තාවන් කෙරෙහි දැඩි උනන්දුවක් දක්වා ඇති බවත්, ඔවුන්ගේ පෙනුම පිළිබඳව ප්‍රශංසා කරමින් විවිධ පණිවිඩ යොමු කර ඇති බවත් එම වාර්තාවේ දැක්වේ. මෙම හෙළිදරව්ව අමෙරිකානු දේශපාලන කරළිය තුළ ද විශාල ආන්දෝලනයක් ඇති කිරීමට සමත්ව තිබේ.














