තණමල්විල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ කුඩාඔය නගරය ආසන්නයේදී ඊයේ (28) සිදුවූ දරුණු රිය අනතුරකින් සත් හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් මූලස්ථානය සඳහන් කරන පරිදි, වැල්ලවාය දෙස සිට ධාවනය වූ ලොරි රථයක් සහ ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රීරෝද රථයේ පිටුපස ගමන් කරමින් සිටි මෙම දරුවා බරපතල තුවාල ලබා ඇති අතර, වහාම තණමල්විල රෝහලට ඇතුළත් කර තිබුණි. පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහල වෙත මාරු කර යවා ප්‍රතිකාර ලබමින් සිටියදී දරුවා මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ කොටියාගල ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 07ක පිරිමි දරුවෙකි. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු මේ වන විට කුඩාඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.













