ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන “කුඩු දේවින්ද” නමැත්තාගේ සමීපතම ගෝලයෙකු මොරටුව, මෝදර ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොරටුව කඳවුරේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ඊයේ (15) පෙරවරුවේ සිදුකළ මෙම වැටලීමේදී සැකකරු සන්තකයේ තිබී රුපියල් එකොළොස් ලක්ෂ හතළිස් හත්දහස් පන්සීයක (1,147,500) මුදලක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට හැකි විය.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 07 යි මිලිග්‍රෑම් 330 ක් තිබූ අතර, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 5000 නෝට්ටු 208 ක් ඇතුළු විශාල මුදල් තොගයක් ‘Pure Gold Jewellers’ ලෙස සඳහන් බෑගයක දමා තිබියදී පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට පත් සැකකරු මොරටුව මෝදර 50 වත්ත ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු බව වාර්තා වේ.
විශේෂ කාර්ය බලකායේ පො.සැ (10302) බණ්ඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ මෙම වැටලීමෙන් පසු සැකකරු සහ නඩු භාණ්ඩ ඉදිරි විමර්ශන සඳහා එගොඩඋයන පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ. සැකකරු අද (16) දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.














