කුලියාපිටිය – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ලබුයාය ප්‍රදේශයේදී අද (18) සිදුවූ දරුණු රිය අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය තහවුරු කරයි.
ගිලන් රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, මියගිය පුද්ගලයා සහ තුවාල ලැබූවන් පිළිබඳ වැඩිදුර විමර්ශන පොලිසිය විසින් පවත්වනු ලැබේ
තුවාල ලැබූ පිරිස වහාම රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය පිළිබඳව රෝහල් ආරංචි මාර්ග හරහා තොරතුරු අපේක්ෂා කෙරේ
















