මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය තවදුරටත් තීව්‍ර කරමින් කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල වී තිබේ. ඉරානය විසින් එල්ල කරන ලද බවට සැකකෙරෙන මරාගෙන මැරෙන ඩ්‍රෝන යානා (Suicide Drones) කිහිපයක් ගුවන්තොටුපළ පරිශ්‍රයට පතිත වී ඇති අතර, ඉන් ගුවන්තොටුපළේ රේඩාර් පද්ධතියට (Radar System) බරපතළ හානි සිදුව ඇති බව කුවේට් සිවිල් ගුවන් සේවා අධිකාරිය තහවුරු කරයි.
වාසනාවකට මෙන් මෙම ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාල ලැබීමක් මෙතෙක් වාර්තා වී නොමැති වුවද, පවතින ඉහළ ආරක්ෂක අවදානම සැලකිල්ලට ගෙන ගුවන්තොටුපළේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව සීමා කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත. ඉරාන-ඊශ්‍රායල ගැටුම හමුවේ මධ්‍යස්ථ රටක් ලෙස සැලකෙන කුවේටයට මෙලෙස ප්‍රහාර එල්ල වීම කලාපීය ආරක්ෂාව පිළිබඳ දැඩි අවිශ්වාසයක් මතු කර තිබේ.














