කුවේට් නගරයට සැතපුම් 31ක් පමණ දකුණින් පිහිටි ‘මිනා අල් අහ්මඩි’ (Mina Al-Ahmadi) තෙල් පිරිපහදුවේ මෙහෙයුම් ඒකකයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් දරුණු ගින්නක් හටගෙන ඇති බව එරට තෙල් සංස්ථාව නිවේදනය කරයි. ප්‍රහාරයෙන් පසු හටගත් ගින්න පාලනය කිරීමට ආරක්ෂක අංශ සමත් වී ඇති අතර, ඉන් සිදුවූ හානිය පිළිබඳව මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ. මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් තත්ත්වය හමුවේ එල්ල වූ මෙම ප්‍රහාරය ගෝලීය බලශක්ති සැපයුමට බලපෑමක් එල්ල කළ හැකි බවට විදේශීය වාර්තා සඳහන් කරයි.
















