යුක්රේනයේ අගනුවර වන කියෙව් සහ ඒ අවට ප්‍රදේශ ඉලක්ක කරගනිමින් රුසියාව අද (03) දහවල් කාලයේදී දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කළ බව ප්‍රාදේශීය බලධාරීන් තහවුරු කළේය. මෑත කාලයේදී රුසියාව විසින් දහවල් කාලයේදී එල්ල කරනු ලබන ප්‍රහාර සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර, මෙම නවතම ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කියෙව් ප්‍රාන්ත ආණ්ඩුකාර මයිකොලා කලාෂ්නික් (Mykola Kalashnyk) ප්‍රකාශ කළේය.
මෙම දැඩි බෝම්බ ප්‍රහාර හේතුවෙන් යුක්රේනයේ බලශක්ති පද්ධතියට දැඩි හානි සිදුව ඇති අතර, ප්‍රදේශ කිහිපයක හදිසි විදුලි බිඳවැටීම් (Emergency power outages) සිදුකිරීමට බලධාරීන්ට සිදුව තිබේ. යුක්රේන බලශක්ති ක්‍රියාකරු වන ‘Ukrenergo’ ආයතනය සඳහන් කළේ පද්ධතියේ ස්ථායීතාව රැකගැනීම සඳහා මෙම පියවර ගත් බවයි.
මේ අතර, එළඹෙන පාස්කු නිවාඩු සමයේදී (Easter holidays) තාවකාලික සටන් විරාමයකට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබුණද, රුසියානු ක්‍රෙම්ලිනය (Kremlin) පවසන්නේ එවැනි කිසිදු නිල යෝජනාවක් තමන්ට ලැබී නොමැති බවයි. පවතින යුදමය වාතාවරණය හමුවේ සාමකාමී විසඳුමකට ඇති ඉඩකඩ තවදුරටත් අභියෝගයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.














