හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එල්ල වී ඇති බාල ඖෂධ ගෙන්වීමේ චෝදනාව සහ පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් ගල් අඟුරු ගනුදෙනු චෝදනාව යන දෙකම එක හා සමාන බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. ඒ මහතා පෙන්වා දෙන්නේ මේ හරහා සිදුව ඇත්තේ දූෂිත ක්‍රියාවලීන් බවයි.
අප්‍රේල් උත්සව සමයෙන් අනතුරුව රටේ ජනතාව පවතින තත්ත්වයට එරෙහිව පෙළගැස්වීමට තම පක්ෂය කටයුතු කරන බව හෙතෙම අවධාරණය කළේය. දේශපාලන ක්ෂේත්‍රයේ පවතින විවිධ අර්බුද හමුවේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින හොඳම දේශපාලන පක්ෂය තමන් බව ද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජනතාවගේ පීඩනයට නිසි විසඳුම් ලබා දීම සඳහා සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි.














