ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා එම ආයතනයේ වත්මන් ක්‍රියාකාරිත්වය සහ පවතින ගැටලු පිළිබඳව සොයා බලා තිබේ. පසුගිය රජයන් සමයේ සිදුකළ අත්‍යවශ්‍ය නොවන සහ අසීමිත බඳවා ගැනීම් හේතුවෙන් කොමිෂන් සභාව තුළ දැවැන්ත සේවක අතිරික්තයක් පවතින බව මෙම සංචාරයේදී අනාවරණය විය. දැනට දිස්ත්‍රික් කාර්යාල 20ක් මගින් ජනතාවගේ ඉඩම් ගැටලු විසඳීමට කටයුතු කළද, ආයතන පරිශ්‍රය තුළ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම සහ ඇතැම් විශේෂිත තනතුරු සඳහා පවතින පුරප්පාඩු පිළිබඳව ද සේවකයන් මෙහිදී අමාත්‍යවරයාගේ අවධානයට යොමු කර ඇත.
ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් පිළිබඳ ප්‍රගති සමාලෝචනයක් ද මෙහිදී හඳුන්වා දුන් අතර, අඩු ආදායම්ලාභීන්ට සහ රාජ්‍ය ආයතන සඳහා ඔප්පු ලබාදීම, කෘෂිකාර්මික ඉඩම් නිීත්‍යානුකූල කිරීම සහ ඉඩම් ගැටලු විමර්ශනය කෙරෙහි එහිදී මූලිකත්වය ලබාදී තිබේ. එසේම, රජයට බදු නොගෙවන සහ ඌණ උපයෝජිත (නිසි ලෙස ප්‍රයෝජනයට නොගන්නා) ඉඩම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට ද අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දී ඇත. රාජ්‍ය සම්පත් උපරිම කාර්යක්ෂමතාවයකින් යුතුව ජනතාව සතු කිරීම රජයේ ප්‍රතිපත්තිය බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.















