පසුගිය පාලන කාලයන් තුළ අත්සන් කරන ලද ඇතැම් අහිතකර ගිවිසුම් හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය දිගින් දිගටම පාඩු ලබන බවත්, එහි බර අවසානයේදී මහජනතාව මත පැටවී ඇති බවත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංවිධානයේ ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර මහතා අද (01) ප්‍රකාශ කළේය.
ලංකා විදුලිබල මණ්ඩලය පාඩු ලැබීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ අතීතයේදී විනිවිදභාවයකින් තොරව පෞද්ගලික අංශය සමඟ අත්සන් කරන ලද විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම්ය. මෙම ක්‍රියාවලිය හේතුවෙන් රටේ බලශක්ති පිරිවැය ඉහළ ගොස් ඇති අතර, වත්මන් ආර්ථික අර්බුදය හමුවේ එහි පීඩාව සාමාන්‍ය පාරිභෝගිකයාට විඳීමට සිදුව ඇත. විදුලිබල මණ්ඩලය ප්‍රතිසංස්කරණය කිරීමේදී මෙවැනි අතීත ගිවිසුම් පිළිබඳව නැවත විමර්ශනය කිරීමේ අවශ්‍යතාව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.














