ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමත් සමඟ සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කරන ලෙස බලකරමින් වෘත්තීය සමිති 24ක් ආරම්භ කළ සංකේත වර්ජනය අද (10) පස්වරු 3.00 දක්වා ක්‍රියාත්මක වන අතර, එය අඛණ්ඩ වර්ජනයක් දක්වා දීර්ඝ කරන්නේද යන්න පිළිබඳව අද පස්වරුවේ තීරණය කරන බව වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති. දශක පහක ඉතිහාසයක් ඇති විදුලිබල මණ්ඩලය පෙරේදා මධ්‍යම රාත්‍රියෙන් අහෝසි වී සමාගම් 6කට බෙදීමේ ක්‍රියාවලිය බලාත්මක වීමත් සමඟ, ඉතිරි වූ සේවකයින්ගේ තනතුරු, පත්වීම් ලිපි හෝ ඔවුන් අනුයුක්ත කරන ආයතන පිළිබඳ මෙතෙක් නිසි දැනුම්දීමක් සිදු කර නොමැති බවට වෘත්තීය සමිති චෝදනා කරයි. මේ හේතුවෙන් කොළඹ සහ ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයක බිඳවැටුණු විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට කල් ගතවිය හැකි බව ද වෘත්තීය සමිති අනතුරු අඟවයි.














