ලැන්කම් සිලෝන් පීඑල්සී (Lankem Ceylon PLC) සමාගම විසින් මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා රුපියල් බිලියන 3ක (රුපියල් කෝටි 300ක) දැවැන්ත ආයෝජනයක් සහිත නව සිංගල් සුපර් පොස්පේට් (SSP) පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ලැන්කම් සිලෝන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුරේන් ගුණවර්ධන, කලම්බෝ ෆෝර්ට් ලෑන්ඩ් ඇන්ඩ් බිල්ඩින්ග් සමූහ කළමනාකාර අධ්‍යක්ෂ අනුෂ්මන් රාජරත්නම් සහ සමූහ සභාපති එස්.ඩී.ආර්. අරුඩ්ප්‍රගාසම් යන මහත්වරුන් එක්ව සිටියහ. එසේම රජය නියෝජනය කරමින් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මේ සඳහා සහභාගී වූහ.
ලැන්කම් මිනරල්ස් සමාගමේ සභාපති ආනන්ද හෙට්ටිආරච්චි සහ ලැන්කම් ඇග්‍රෝ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නිශාන්ත ජයමාන්න යන මහත්වරුන්ද මෙම නව නිෂ්පාදන පහසුකම් ව්‍යාප්ත කිරීමේ සමාරම්භක අවස්ථාව නියෝජනය කළහ. මෙම නව ආයෝජනය හරහා දේශීයව උසස් ප්‍රමිතියෙන් යුත් පොහොර නිෂ්පාදනය කරමින් මෙරට ගොවි ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමටත්, පොහොර ආනයනය සඳහා වැයවන විදේශ විනිමය ඉතිරි කර ගැනීමටත් හැකි වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














