තණමල්විල, හම්බෙගමුව අරඹෙකෙම ප්‍රදේශයේ භූගතව ඉතාමත්ම සූක්ෂ්ම ලෙස පවත්වාගෙන ගිය මහා පරිමාණ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීහු සමත්වූහ. අද (25) සිදුකළ මෙම වැටලීමේදී පොළොව යට සඟවා තිබූ නීති විරෝධී මත්පැන් පෙරීමට ගන්නා විශාල ගෝඩා තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර හම්බෙගමුව පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.














