ලිට්‍රෝ සමාගමට සමගාමීව වහාම ක්‍රියාත්මක වන පරිදි අද (අප්‍රේල් 05) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලාෆ්ස් (Laugfs) ගෑස් මිලද ඉහළ දැමීමට එම සමාගම පියවර ගෙන තිබේ.මිල සංශෝධනයට අනුව කිලෝග්‍රෑම් $12.5$ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් $1070$ කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් $5700$ ක් දක්වා ඉහළ යනු ඇත. එමෙන්ම කිලෝග්‍රෑම් $5$ ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් $418$ කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් $2280$ ක් ලෙස සටහන් වෙයි.














