ලෝක වෙළඳපොළේ බලශක්ති මිල ගණන් ඉහළ යාමේ බලපෑම හමුවේ ලාෆ්ස් (Laugfs) ගෑස් මිල ගණන් ද අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට එම සමාගම පියවර ගෙන තිබේ. ඉරාන යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාම මෙම තීරණයට සෘජුවම බලපා ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මිල සංශෝධනයට අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 4,630ක් ලෙස සටහන් වේ. මීට අමතරව කිලෝග්‍රෑම් 5ක කුඩා ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 1,862කි. මෙම මිල ඉහළ දැමීමත් සමඟ පාරිභෝගික ජනතාව තවදුරටත් ජීවන වියදම් පීඩනයට ලක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පසුගිය දින කිහිපය තුළ ඉන්ධන මිල ඉහළ යාමට සමගාමීව ගෘහස්ථ ගෑස් මිල ද මෙලෙස ඉහළ යාම විශේෂත්වයකි. ලාෆ්ස් සමාගම සිය මිල ගණන් සංශෝධනය කළද, ලිට්‍රෝ (Litro) ගෑස් සමාගම මෙතෙක් සිය මිල සංශෝධනය පිළිබඳව නිල නිවේදනයක් නිකුත් කර නොමැති වුවද ඉදිරි දිනකදී මිල ඉහළ යනු ඇතැයි වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.














